ලේබර් පක්ෂයේ නව නායක ඇන්ඩි බර්න්හැම්, අද (20) බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු අගමැති කීර් ස්ටාර්මර් සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් භාරදීමෙන් පසු, බකිංහැම් මාලිගාවේදී තුන්වැනි චාල්ස් රජු හමුවන බර්න්හැම්ට නව රජයක් පිහිටුවන ලෙස ආරාධනා කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව ඔහු බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස නිල වශයෙන් වැඩ භාරගනු ඇති.
56 හැවිරිදි බර්න්හැම් පසුගිය සිකුරාදා ලේබර් පක්ෂයේ නව නායකයා ලෙස තේරී පත් වුණා.
බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු ක්‍රමය අනුව, පාලක පක්ෂයේ නායකයා අගමැති ධුරයට පත්වන නිසා මේ සඳහා වෙනම මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ නැහැ.
අගමැති ලෙස සිදු කරන සිය පළමු කතාවේදී රටේ දේශපාලන ස්ථාවරත්වය යළි ගොඩනැගීම, ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ජනතාවගේ ජීවන වියදම් අඩු කිරීම තම ප්‍රමුඛ ඉලක්ක බව බර්න්හැම් ප්‍රකාශ කරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
2016 වසරෙන් පසු බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත්වන හත්වැනි පුද්ගලයා වන්නේ ද ඇන්ඩි බර්න්හැම්යි.









