පර්ත් සහ ඇඩිලේඩ් නගරවල තෝරාගත් උපනගර කිහිපයක සාමාන්‍ය නිවාස මිල ඉදිරි කාලයේදී ඩොලර් මිලියනය ඉක්මවිය හැකි බව නව දේපළ වාර්තාවක් පෙන්වා දෙනවා.
පසුගිය වසර කිහිපය තුළ මෙම නගර දෙකේ නිවාස මිල වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, දැරිය හැකි මිලකට නිවාස සොයන පිරිස වැඩි වීම එයට ප්‍රධාන හේතුවක්.
පර්ත්හි පවුල් අතර ජනප්‍රිය උපනගර කිහිපයක් සහ ඇඩිලේඩ්හි නගර මධ්‍යයට පහසුවෙන් ළඟා විය හැකි ප්‍රදේශ මේ ලැයිස්තුවට ඇතුළත්.
රැකියා අවස්ථා, ජනගහන වර්ධනය, පාසල් සහ ප්‍රවාහන පහසුකම් දියුණුවීම නිවාස ඉල්ලුම තවදුරටත් වැඩි කර තිබෙනවා.
නිවාස සැපයුම සීමිතව පැවතීමත්, ඉදිකිරීම් වියදම් ඉහළ යාමත් මිල ඉහළ යාමට තවත් බලපා ඇති බවයි දේපළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
මෙතෙක් ඩොලර් මිලියනයට අඩු නිවාස තිබූ ප්‍රදේශ කිහිපයක්ද ඉදිරි වසරවලදී එම සීමාව ඉක්මවිය හැකි බවටයි අනාවැකි පළ කර ඇත්තේ.
ඒ නිසා පළමු වරට නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පිරිසට පර්ත් සහ ඇඩිලේඩ්හි වෙළෙඳපොළ තවත් අභියෝගාත්මක විය හැකි බව වාර්තාව අනතුරු අඟවනවා.









