උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ “AusLankaTV බුද්ධානු ප්‍රභා” දැවැන්ත වෙසක් කලාපය හෙටින් අවසන් වනවා.

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම සුවිශේෂී වෙසක් වැඩසටහන, ශ්‍රී ලංකාවෙන් පිටත සංවිධානය වන විශාලතම වෙසක් සැමරුම් අතරින් එකක් ලෙසයි සැලකෙන්නේ.

Banner 01

රට පුරා සිටින ශ්‍රී ලාංකිකයින්ගේ නිර්මාණශීලීත්වය සහ බෞද්ධ සංස්කෘතික උරුමය එකම වේදිකාවකින් දැකගැනීමට මෙමගින් අවස්ථාව උදාවනවා.

Advertisement

රට පුරා නැරඹිය හැකි වෙසක් කූඩු, තොරණ, ආලෝක සැරසිලි සහ අනෙකුත් නිර්මාණ නැරඹීමට පැමිණෙන ජනතාවට, එම ස්ථානවල ප්‍රදර්ශනය කර ඇති QR Code ස්කෑන් කිරීම හරහා තමන් කැමතිම නිර්මාණයට මනාපය ලබාදීමේ හැකියාව ද හිමිවනවා.

මහජන මනාප ලබාදීමේ කාලය හෙට එනම් ජූනි 7 වනදා රාත්‍රී 11.59 ට අවසන් වන අතර මෙම මනාප ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන්නේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට පමණක් බවයි දැනුම්දී ඇත්තේ.

Advertisement

ආකර්ෂණීය ත්‍යාග රැසක් ජයග්‍රාහකයන් වෙනුවෙන්!

  • පළමු ස්ථානය – $1,500
  • දෙවන ස්ථානය – $1,000
  • තෙවන ස්ථානය – $750
  • සැනසිලි ත්‍යාග – $250 බැගින්

මෙම දැවැන්ත වෙසක් සැමරුම සඳහා Sanji Kaldera Associates, Sahanro Ayurveda, Home Lands Melbourne සහ Transco Cargo ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙන අතර, Onaro Foods, One Tax Accountants සහ Sapling Lawyers සම අනුග්‍රහය දක්වනවා.

මෙවර වෙසක් තෙමඟුල ආධ්‍යාත්මික වශයෙන් හා සංස්කෘතික වශයෙන් අර්ථවත් ලෙස සමරමින්, ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහ බෞද්ධ සම්ප්‍රදාය නව පරපුරට දායාද කිරීමේ මෙම විශේෂ අවස්ථාවට එක්වන ලෙසයි AusLankaTV මාධ්‍ය ජාලය සියලුම ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

“AusLankaTV බුද්ධානු ප්‍රභා” වෙසක් කලාපය පැවැත්වෙන ස්ථාන 


උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne නගරයේ වේගයෙන් සංවර්ධනය වන බටහිර ප්‍රදේශයට නව suburb එකක් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Melton East ප්‍රදේශය...

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ...

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ...

ඔස්ට්‍රේලියාවේ විදේශිකයන් විසින් නිවාස සහ නේවාසික දේපළ මිලදී ගැනීම සඳහා ලබාගත් අනුමැති සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 2026...

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර...

වන් නේෂන් නායිකා පෝලින් හැන්සන්, වාර්ගික වෙනස්කම් කිරීම පනතේ 18C වගන්තිය සම්බන්ධ නඩුව මහාධිකරණයට ගෙන යාමට අවසර ඉල්ලා තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...

ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා...

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

“බුද්ධානු ප්‍රභා” වෙසක් කලාපය හෙටින් අවසන්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom