2026 FIFA පාපන්දු ලෝක කුසලානයට පෙර ලොව පුරා පාපන්දු ප්‍රේක්ෂකයින්ගේ සංචාරක උනන්දුව වේගයෙන් ඉහළ යමින් ඇති බව නවතම සංචාරක දත්ත පෙන්වා දෙනවා.
සංචාරක සමාගමක් වන Expedia විසින් නිකුත් කළ දත්ත අනුව ලෝක කුසලාන තරග පැවැත්වෙන නගර අතර වැඩිම ජනප්‍රියත්වයක් හිමිව ඇත්තේ බොස්ටන්, නිව්යෝර්ක්, මියාමි සහ ඩැලස් යන නගරවලටයි.
එමෙන්ම පෙර වැඩි අවධානයක් නොලැබූ කැන්සස් සිටි, ෆිලඩෙල්ෆියා සහ ගුවඩලාහාරා වැනි නගර වෙතද සංචාරක සෙවීම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
2026 ලෝක කුසලානය අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව එක්ව සත්කාරකත්වය දරන අතර නගර 16ක තරග 104ක් පැවැත්වීමට නියමිතයි.
විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම තරගාවලිය හේතුවෙන් සත්කාරක නගරවල සංචාරක කර්මාන්තය, හෝටල් ව්‍යාපාර සහ ප්‍රාදේශීය ආර්ථිකයට විශාල ප්‍රතිලාභ හිමිවනු ඇති බවයි.
Most popular FIFA host cities for Aussies
- Vancouver
- New York
- Los Angeles
- Seattle
- San Francisco
- Boston
- Toronto
- Miami
- Dallas
- Mexico City









