උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

මෙල්බර්න්හි පැවති විදේශ අමාත්‍ය විජිත හේරත්ගේ ජනහමුව සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරන ලද මෙම විශේෂ සාකච්ඡාව ඊයේ Springvale නගර ශාලාවේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලාංකිකයින් 250 කට වැඩි පිරිසක් සහභාගී වූ බවයි දැනගන්නට ලැබුණේ.

Banner 01

AusLanka TV මාධ්‍ය ජාලයටද මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා ආරාධනා කර තිබුණා.

Advertisement

මෙහිදී ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු, වත්මන් රජය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ සහ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙන්ම පසුගිය රජයේ අමාත්‍යවරුන් සහ රජයන් කළ සොරකම් හා සිරදඩුවම් විදින ඇමතිවරුන්  සම්බන්ධයෙන් වැඩසටහන අතරතුර අමාත්‍යවරයා ආඩම්බරයෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

පාස්කු මහ මොල කරු අත්අඩංගුවට ගෙන ඇති බවත් මහින්දානන්ද ඇමතිවරයා බන්ධනාගාරගත කිරීම පිලිබදවත්, පිල්ලෙයාන්, SM රංජිත් වැනි අයට එරෙහිව ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග ගැනත් එතුමා වැඩිදුරටත් අදහස් දැක්වුවා.

Advertisement

කෙසේවෙතත් හිටපු රජයන්  කළ සොරකම් සම්බන්ධයෙන් පුනපුනා කතාකිරීම විදේශ රටක සිටින ශ්‍රී ලාංකිකයින්ට එතරම් වැදගත් නොවන බවත් ලංකාවේ දියුණුව සහ ඔවුන්ට ඇති ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමටයි ඔවුන් එතැනට පැමිණි බවයි ඊට සහභාගි වූවන් සඳහන්කරන්නේ.

කෙසේවෙතත්, මෙම  හමුව සම්බන්ධයෙන් පසුව විවිධ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර, ඇතැම් ඡායාරූපවල හිස් පුටු දක්නට ලැබීම හේතුවෙන් සහභාගීත්වය පිළිබඳ විවාදයක් ද මතුව තිබෙනවා.

හමුවේ ප්‍රශ්නෝත්තර වටයේදී විදේශගත ශ්‍රී ලාංකිකයින් රටේ සංවර්ධන සැලසුම්, විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තිකයින්ගේ දායකත්වය ලබාගැනීම සඳහා රජය සතුව ඇති වැඩපිළිවෙළ, ද්විත්ව පුරවැසිභාවය සඳහා අය කෙරෙන ගාස්තු ඇතුළු කරුණු රැසක් පිළිබඳ ප්‍රශ්න ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ පැමිණීම ප්‍රමාද වීම, කතාව සඳහා වැඩි කාලයක් ගත වීම සහ ප්‍රශ්නෝත්තර සැසිය සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබීම හේතුවෙන් ඇතැම් සහභාගීවන්නන් හමුව අවසන් වීමට පෙර පිටව ගිය බවද වාර්තා වනවා.

එමෙන්ම අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්න කිහිපයක් පහත දැක්වෙන අතර ඉන් ප්‍රශ්න කිහිපයක් මගහැරිය බවයි සහභාගිවූවන්  පිළිතුරු ලබාදී නොමැති බවද සඳහන්.

මේ අතර, අමාත්‍ය විජිත හේරත් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සඳහන් කර ඇත්තේ ශාලාවේ ඉඩ පහසුකම් සීමිත වීම හේතුවෙන් පැමිණි සියලු දෙනාට ඇතුළුවීමට අවස්ථාව ලබාදිය නොහැකි වූ බවයි.

ඔහුගේ ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර තවත් නිල හමුවීම් කිහිපයකට සහභාගී වීමට නියමිත අතර, ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ අනෙකුත් නගරවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවද හමුවීමට අපේක්ෂා කරන බව වාර්තා වනවා.


උණුසුම් පුවත්

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...

වික්ටෝරියා ප්‍රාන්තයේ Community Pharmacist Program වැඩසටහන තවත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ සිට කුරුලෑ සහ dermatitis තත්ත්ව හදිසියේ...

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne නගරයේ වේගයෙන් සංවර්ධනය වන බටහිර ප්‍රදේශයට නව suburb එකක් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Melton East ප්‍රදේශය...

ඔස්ට්‍රේලියාවේ හිටපු ආගමික පූජකවරයෙකු වන ගයි නෝමන් හාචර්ට ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබෙනවා....

පැසිෆික් කලාපය හරහා ඔස්ට්‍රේලියාවට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ නවසීලන්ත පොලිසිය එක්ව කොලොම්බියාවේදී විශේෂ...

සිඩ්නි ගුවන් තොටුපළේ මාසයක් ඇතුළත සිදුවූ‍ හතරවැනි අනතුරුදායක ගුවන් යානා සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා....

මෙල්බන් Campbellfield ප්‍රදේශයේ පැරණි Ford කර්මාන්තශාලාව ඩොලර් බිලියන 1.1ක දත්ත මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට යෝජනා වී තිබෙනවා. ගොඩනැගිලි හයකින් සමන්විත...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඇමති විජිතගේ මෙල්බන් ලාංකික හමුවට ඇත්තටම සෙනඟ ආවද?

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom