Commonwealth Bank විසින් ඔස්ට්‍රේලියාවේ පළමු වතාවට නව ගනුදෙනුකරුවන්ට ePassport සහ NFC තාක්ෂණය භාවිතා කර මිනිත්තුවකින් බැංකු ගිණුමක් විවෘත කළ හැකි විශේෂාංගයක් CommBank යෙදුමට එක් කර තිබෙනවා.
මෙම ක්‍රමය මගින් ගනුදෙනුකරුවන්ට දැන් දුරකථනයට ePassport එක මගින් මිනිත්තුවකටත් අඩු කාලයකින් ගිණුමක් විවෘත කළ හැකි අතර, පෙර ව්‍යාපෘතිවල අවශ්‍ය වූ රියදුරු බලපත්‍රය සහ අනෙක් ලේඛන දෙක ලබාදීමේ අවශ්‍යතාව ඉවත් වී තිබෙනවා.
දැන් අවශ්‍ය වන්නේ ePassport එක ස්කෑන් කිරීම සහ සෙල්ෆි එකක් පමණක් බවටයි වාර්තාවන්නේ.
CBA හි ජාතික අනන්‍යතා හා ඩිජිටල් ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී සාෂා තියෙල් පැවසුවේ මෙම ක්‍රමය සරල, ආරක්ෂිත සහ වේගවත් අතර, ගනුදෙනුකරුවන්ට වංචා අවදානම අඩු කරමින් බැංකුවට සම්බන්ධ වීමට විනාඩියකටත් අඩු කාලයක් ගත වන බවයි.
කෙසේවෙතත් මෙය ඔස්ට්‍රේලියාවේ පළමු ePassport–NFC අනන්‍යතා විවෘත ක්‍රමය වන අතර, CBA කියා සිටියේ වසර අගදී විදේශගත පුරවැසියන්ටද මෙය ලබා දීමට සැලසුම් කර ඇති බවයි.









