ඔස්ට්‍රේලියානු රජය සෑම අවුරුදු පහකට වරක්ම ජන සංගණනයක් කරනවා.
ඒත් ඔස්ට්‍රේලියාවේ වාර්ගික ප්‍රජා කවුන්සිල සම්මේලනය (FECCA) හි සභාපති පීටර් ඩූකාස් කියන්නේ, මේ සංගණන ප්‍රශ්නාවලිය දේශපාලන දෙයක් නොවන බව මතක තබා ගැනීම වැදගත් කියලයි.
1911 වසරේ ඉඳලා, රටේ බලයේ ඉන්න දේශපාලන පක්ෂය මොකක් වුණත්, ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) විසින් ජන හා නිවාස සංගණනය පවත්වාගෙන යනවා.
මේ සංගණනයෙන් එකතු කරන තොරතුරු පාසල්, ප්‍රවාහන සහ සෞඛ්‍ය සේවා සඳහා මුදල් වෙන් කිරීම, ඒවා අවශ්‍ය තැන්වල පිහිටුවීම වගේ වැදගත් තීරණ ගැනීමට භාවිත කරනවා.
ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ජීවත් වන විවිධ සංස්කෘතික ප්‍රජාවන්ගේ ජනගහනය සහ ඔවුන්ගේ ව්‍යුහය ගැන වැදගත් තොරතුරු ලබා ගැනීමටත් මේ සංගණනය උදව් වෙනවා.
මේකට සහභාගී වීම කිසිම දේශපාලන පක්ෂයක් තෝරා ගැනීමක් නෙවෙයි කියලා පීටර් ඩූකාස් කියනවා. රජය ගැන තියෙන අවිශ්වාසය හෝ වෙනත් අයහපත් අදහස් නිසා ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය කරන මේ වැදගත් කාර්යයට බාධා වෙන්න ඉඩ නොදිය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.
ඔස්ට්‍රේලියානු ජන සංගණයට සහභාගී වීම අනිවාර්යද?
ඔව්. 2026 අගෝස්තු 11 වන අඟහරුවාදා සංගණනය සිදු කරන රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ සිටින සෑම පුද්ගලයෙක්ම මේ තොරතුරු සම්පූර්ණ කරන්න ඕන.
ඔබ ඕස්ට්‍රේලියාවේ කොච්චර කාලයක් ඉඳලා තියෙනවාද, නැත්නම් තව කොච්චර කාලයක් ඉන්නද බලාපොරොත්තු වෙන්නේ කියන එක වැදගත් නැහැ. තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවට ඇවිත් ඉන්න අයත් මේකට ඇතුළත් වෙනවා.
සාමාන්‍යයෙන් එක නිවසක සංගණන පෝරමය පුරවන්නේ එක් පුද්ගලයෙක්.
හෝටල්, මෝටල් හෝ වෙනත් නිවාඩු නිකේතනවල නවාතැන් ගන්න විදේශීය අමුත්තන්ට කඩදාසි පෝරම ලබා ගන්න පුළුවන්.
Airbnb හෝ Stayz වගේ කෙටි කාලීන කුලී නවාතැන්වල ඉන්න අයට අන්තර්ජාලය හරහා මේ තොරතුරු ලබා දෙන්න පුළුවන්.
තාවකාලික වීසා දරන්නන්ටත් සංගණනය පුරවන්න ඕනද?
ඔව්. සංක්‍රමණිකයන්, සරණාගතයන්, විදේශීය සිසුන් සහ සංචාරකයින් ඇතුළු තාවකාලික වීසා දරන සියලු දෙනාම සංගණනයට අදාළ තොරතුරු ලබා දෙන්න ඕන.
මෙම සංගණනයට සහභාගී වීමෙන් තමන්ට එරෙහිව භාවිත කළ හැකි පෞද්ගලික තොරතුරු හෙළි කිරීමක් සිදු නොවන බව FECCA සභාපති පීටර් ඩූකාස් කියනවා.
“නම්” සහ “ලිපිනයන්” වැනි රහස්‍ය තොරතුරු පොලිසියට හෝ ආගමන විගමන නිලධාරීන්ට ලබා ගැනීමට හැකියාවක් නැහැ.
සංගණනය ගැන තොරතුරු ABS වෙබ් අඩවියෙන් භාෂා 26කින් ලබා ගන්න පුළුවන්. නමුත් සංගණන පෝරමය පුරවන්න වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්.
ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කතා කරන අයට භාෂා 150කට වැඩි ප්‍රමාණයක පරිවර්තන සේවා ලබා දෙන TIS National සේවාව භාවිත කරන්න පුළුවන්.
දුරස්ථ සහ ප්‍රාදේශීය ඕස්ට්‍රේලියානු ප්‍රදේශවල ඉන්න අයත්, ගුවන් මගින් පැමිණෙන සේවකයින් ඇතුළුව, සංගණනය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා.
නිවාස නොමැති පුද්ගලයින් සහ රෝහල්වල සිටින පුද්ගලයින් ඇතුළු සියලු දෙනාටම සංගණනයට ප්‍රවේශ විය හැකි බව තහවුරු කරන්න ABS කාර්ය මණ්ඩල සාමාජිකයින් 30,000ක් පමණ සේවයේ යොදවා තිබෙනවා.
ඒ වගේම අගෝස්තු 11 වන දින පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයින්ගෙන්ද සංගණන තොරතුරු ලබා ගැනීමට කටයුතු කරනවා.
රැඳවුම් මධ්‍යස්ථාන සහ නිවැරදි කිරීමේ පහසුකම්වල සිටින පුද්ගලයින් සඳහා පරිපාලන දත්ත ලබා ගන්නා බවත් ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කරනවා.
සංගණනයේදී වැරදි තොරතුරු දුන්නොත් මොකද වෙන්නේ?
ජන සංගණනයේදී පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය, මුතුන් මිත්තන් සහ ආගමික සම්බන්ධතාවය ඇතුළු ප්‍රශ්න 66ක් දක්වා අහනවා.
1911 වසරේ පළමු ජන සංගණනයේදී ආගම ගැන විමසූ අවස්ථාවේදී, පුද්ගලයින් 32 දෙනෙක් තම ආගම ලෙස “Wowser” කියලත්, 21 දෙනෙක් “Angelic” කියලත් සඳහන් කර තිබුණා.
2011 ජන සංගණනයේදී ඕස්ට්‍රේලියාවේ පුද්ගලයින් 64,000කට වැඩි පිරිසක් තම ආගම ලෙස “Jedi” කියලා සඳහන් කර තිබූ බවත් වාර්තා වෙනවා.
“සෑම ප්‍රතිචාරයක්ම වැදගත්” කියලා ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය අවධාරණය කරනවා. මේ දත්ත මහජන මුදල් බෙදා හැරීම තීරණය කිරීමටත් උපකාරී වෙනවා.
සංගණනයේදී අසත්‍ය හෝ නොමඟ යවන තොරතුරු ලබා දීම වරදක් ලෙස සැලකෙන අතර, ඒ සඳහා ඩොලර් 3,640ක් දක්වා දඩ මුදලක් නියම වෙන්න පුළුවන්.









