උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් සහ නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන Home Lands සමූහය, නිවාස ඒකක 5,000කට අධික ප්‍රමාණයක් අලෙවි කරමින් සිය ව්‍යාපාරික ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබෙනවා.

දශක දෙකකට අධික කාලයක් පුරා දෙස් විදෙස් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගනිමින් ඉදිරියට පැමිණි Home Lands, සුවිසල් නිවාස සංවර්ධන ව්‍යාපෘති 24ක් යටතේ Resort Apartments සහ Villas ඇතුළු නිවාස ඒකක 5,000කට වැඩි ප්‍රමාණයක් අලෙවි කර ඇති බව සමාගම සඳහන් කරනවා.

Banner 01

මෙම වාර්තාගත අලෙවියට අමතරව, Home Lands විසින් නිවාස ඒකක 3,750කට අධික ප්‍රමාණයක ඉදිකිරීම් අවසන් කර පාරිභෝගිකයන් වෙත භාරදී තිබීම ද සමාගමේ ව්‍යාපෘති කළමනාකරණ ශක්තිය සහ නියමිත කාලයට ඉදිකිරීම් සම්පූර්ණ කිරීම පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු කරන කරුණක් බවට පත්ව තිබෙනවා.

Advertisement

Home Lands පවසන්නේ තවත් නිවාස ඒකක 400ක් මෙම වසර තුළ ඉදිකිරීම් අවසන් කර භාරදීමට සැලසුම් කර ඇති බවයි. ඒ සමඟම, තවත් විශාල නිවාස ව්‍යාපෘති 9ක් යටතේ ඒකක 2,850කට අධික සංඛ්‍යාවක ඉදිකිරීම් මේ වනවිට අඛණ්ඩව සිදු කෙරෙමින් පවතිනවා.

නවීන ඉදිකිරීම් තාක්ෂණය, උසස් තත්ත්ව පාලනය, ශක්තිමත් මූල්‍ය විනය සහ නියමිත කාලසීමාවන් තුළ ව්‍යාපෘති නිම කිරීම Home Lands සමූහය වෙළෙඳපොළ තුළ ගොඩනගාගෙන ඇති විශ්වාසනීයත්වයට ප්‍රධාන පදනම වී තිබෙනවා.

Advertisement

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට Resort Style Living සංකල්පය හඳුන්වාදුන් පුරෝගාමී දේපළ වෙළෙඳාම් සන්නාමයක් ලෙස Home Lands හඳුනාගැනෙන අතර, නිවසක් පමණක් නොව නවීන ජීවන අත්දැකීමක් පාරිභෝගිකයාට ලබාදීම එහි ව්‍යාපාරික දැක්මේ මූලික අංගයක් ලෙස පවතිනවා.

Home Lands හි ව්‍යාපෘති සැලසුම් කර ඇත්තේ උසස් ජීවන රටාව, නිදහස් පරිසරය, ප්‍රජා පහසුකම් සහ දිගුකාලීන දේපළ වටිනාකම එකම ආයෝජනයක් තුළ පාරිභෝගිකයාට ලබාදීම අරමුණු කරගෙනයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් ඇතුළු දෙස් විදෙස් ආයෝජකයන් අතර Home Lands නාමය ප්‍රචලිත වී ඇත්තේ, දේපළ ආයෝජනය සඳහා විශ්වාසනීය අවස්ථා, ඉහළ අනාගත ප්‍රතිලාභ සහ වෘත්තීයමය පාරිභෝගික සේවාවක් ලබාදෙන සන්නාමයක් ලෙසයි.

Home Lands සමූහයේ වත්මන් දැක්ම වන්නේ ශ්‍රී ලංකාව කලාපයේ සහ ලෝකයේ ඉදිරි පෙළ දේපළ ආයෝජන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට දායක වීමයි. එම දැක්ම යටතේ, දේශීය වෙළෙඳපොළට පමණක් සීමා නොවී ඕස්ට්‍රේලියාව, ඩුබායි සහ ලන්ඩන් හි පිහිටි ජාත්‍යන්තර ශාඛා හරහා සිය ගෝලීය සබඳතා සහ පාරිභෝගික ජාලය පුළුල් කිරීමටද Home Lands කටයුතු කර තිබෙනවා.

නිවාස ඒකක 5,000 ඉක්මවූ අලෙවි ජයග්‍රහණය සැමරීම සඳහා විශේෂ උත්සවයක් පසුගියදා Gatz Cinnamon Life at City of Dreams හිදී සංවිධානය කර තිබුණා.

එහිදී Home Lands හි පළමු පාරිභෝගිකයා වන අවන්ති කල්දේරා මහත්මියට සහ 5,000 වැනි පාරිභෝගිකයා වන ඇන්ජලෝ ඩෙස්මන්ඩ් මහතාට සමරු රන් කාසි පිරිනමමින්, සමාගම සහ පාරිභෝගිකයා අතර පවතින දිගුකාලීන විශ්වාසනීය සබඳතාව සංකේතාත්මකව ඇගයීමට ලක් කෙරුණා.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දැක්වූ Home Lands සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ නලින් හේරත් මහතා සඳහන් කළේ, ඒකක 5,000 ඉක්මවූ අලෙවිය අනාගතවාදී දැක්ම, අඛණ්ඩ කැපවීම, නවෝත්පාදනය, මූල්‍ය විනය සහ නියමිත කාලයට ඉදිකිරීම් සිදුකිරීම මත සමාගම උපයාගත් පාරිභෝගික විශ්වාසයට ලැබුණු ප්‍රබල පිළිගැනීමක් බවයි.

Home Lands සමූහය සමාගම් 14කින් සමන්විත පුළුල් ව්‍යාපාරික ජාලයක් වන අතර, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් පිරිනමන ඉහළම CS2 ශ්‍රේණිගත කිරීම හිමි Heyraa Construction ද එහි ඉදිකිරීම් අංශය ලෙස ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව ඉඩම් සංවර්ධනය, නිවාස සැලසුම්කරණය, ඉදිකිරීම්, දේපළ කළමනාකරණය සහ ජීවන රටා සංවර්ධනය දක්වා වූ සම්පූර්ණ සේවා පරාසයක් එකම සමූහයක් යටතේ පාරිභෝගිකයන්ට ලබාදීමට Home Lands සමත්ව තිබෙනවා.

Home Lands සමූහය ලෝ ප්‍රකට PropertyGuru Asia Property Awards හිදී වසර තුනක් “Best Developer Sri Lanka” සම්මානය දිනාගෙන ඇති අතර, 2025 වසරේදී Superbrands තත්ත්වයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ එකම දේපළ වෙළෙඳාම් සන්නාමය බවටද පත්වුණා.

නිවාස ඒකක 5,000 ඉක්මවූ අලෙවිය, ඒකක 3,750කට අධික ප්‍රමාණයක් ඉදිකර භාරදීම සහ තවත් ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව ඉදිරියට ගෙනයෑම තුළින් Home Lands සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සිය නායකත්වය, ව්‍යාපාරික ශක්තිය සහ පාරිභෝගික විශ්වාසය නැවතත් තහවුරු කර තිබෙනවා.


උණුසුම් පුවත්

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනයෙන් විශාල කොටසක් විදේශ සංක්‍රමණයෙන් සිදුව ඇති බව නව අධ්‍යයනයක් පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පදනම්...

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

සිඩ්නි ගුවන් තොටුපළේ මාසයක් ඇතුළත සිදුවූ‍ හතරවැනි අනතුරුදායක ගුවන් යානා සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා....

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

Queensland හි Biloela ප්‍රදේශයේ පවතින බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව අද නව වාර්තාවක් මගින් අවධානය යොමු කර තිබෙනවා. ජනගහනය 6,000කටත්...

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ ලබා නොගන්නා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වන මෙඩිකෙයා අතිරේක බද්ද (Medicare Levy Surcharge) 3% දක්වා...

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නිවාස ඒකක 5000ක් අලෙවි කළ දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තයා

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom