Adelaideහි Australian Space Discovery Centreහි පැවැති පළමු Space Day Out වැඩසටහනට පුද්ගලයන් 2,000කට ආසන්න පිරිසක් සහභාගී වී තිබෙනවා.
මෙහි විශේෂ අමුත්තිය ලෙස 2026 Australian of the Year සහ ඔස්ට්‍රේලියාවේ පළමු කාන්තා ගගනගාමිනිය වන Katherine Bennell-Pegg එක්ව සිටියා.
අභ්‍යවකාශ ගවේෂණය සහ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත ක්ෂේත්‍ර වෙත තරුණ පරපුර උනන්දු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
Katherine හමුවීමට පැමිණි දරුවන් රැසක් අනාගතයේදී ගගනගාමීන් වී සඳ සහ අඟහරු වෙත යාම තම සිහිනය බව ප්‍රකාශ කර තිබෙනවා.
Katherine එහිදී පෙන්වා දී ඇත්තේ රට පුරා 12 ශ්‍රේණියේ භෞතික විද්‍යාව සහ උසස් ගණිතය සඳහා සිසුන්ගේ ඇතුළත් වීම වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බවයි.
අභ්‍යවකාශ ක්ෂේත්‍රය දරුවන් විද්‍යාව හා ගණිතය සමඟ අඛණ්ඩව සම්බන්ධ කර තැබීමට ප්‍රබල ආකර්ෂණයක් බව ද ඇය සඳහන් කළා.
මේ අතර South Australiaහි අභ්‍යවකාශ කර්මාන්තය ආරක්ෂක, කෘෂිකාර්මික, සන්නිවේදන සහ කාලගුණ සේවා ඇතුළු රටේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබාදෙන බවයි බලධාරීන් පවසන්නේ.









