උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

කැන්බරා ඇතුළු ප්‍රධාන නගර අයත් ඔස්ට්‍රේලියානු අගනුවර කලාපයේ (ACT) ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් පද්ධතිය තුළ දැවැන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී 11 සහ 12 ශ්‍රේණිවල සිසුන් සඳහා ගණිතය විෂය හැදෑරීම අනිවාර්ය කිරීමට ගණිත උපදේශක කමිටුව (Mathematics Advisory Committee) නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

දැනට පවතින දත්තවලට අනුව ACT කලාපයේ සිසුන්ගෙන් 43%ක් පමණ ගණිතමය සාක්ෂරතාවය සහ තර්ක හැකියාව අතින් ජාතික මට්ටමට වඩා පසුපසින් සිටින බව හෙළි වී තිබෙනවා.

Advertisement

එමෙන්ම ජාතික මට්ටමින් සිසුන් 27% ත් 35ත් අතර ප්‍රමාණයකට ගැටළු විසඳීමේ හැකියාව, ඩිජිටල් සාක්ෂරතාවය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිසි ප්‍රවීණතාවයක් නොමැති බව ද නවතම වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර උසස් අධ්‍යාපනයේදී ගණිතය සහ විද්‍යාව වැනි විෂයයන් තෝරා ගැනීමට ශිෂ්‍යාවන් නොපෙළඹීම හේතුවෙන් ශ්‍රම බලකාය තුළ ඉහළ වැටුප් සහිත තාක්ෂණික රැකියා අවස්ථා කාන්තාවන්ට අහිමි වී යන බවයි මෙම කමිටු වාර්තාව පෙන්වා දෙන්නේ.

Advertisement

කෙසේ වෙතත්, ගණිතය පිළිබඳව සිසුන් තුළ පවතින බිය සහ මානසික ආතතිය (Maths Anxiety) මෙම විෂය මඟ හැරීමට ප්‍රධාන හේතුවක් වී ඇති බැවින්, මනෝවිද්‍යාත්මක උපදේශන ක්‍රමවේද ඔස්සේ සිසුන්ගේ එම බිය දුරු කිරීමට ද මෙහිදී පියවර ගත යුතු බව විද්වතුන් අවධාරණය කරනවා.

මෙම නව වාර්තාව මේ වන විට මහජන අදහස් විමසීම සඳහා විවෘත කර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ ශිෂ්‍යයින්, දෙමාපියන් සහ ගුරුවරුන් සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.


උණුසුම් පුවත්

සිඩ්නි ගුවන් තොටුපළේ මාසයක් ඇතුළත සිදුවූ‍ හතරවැනි අනතුරුදායක ගුවන් යානා සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා....

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ...

ඔස්ට්‍රේලියාවේ නිකොටින් පවුචස් තහනම් කිරීමෙන් පසු, ඒවා භාවිතා කළ හිටපු දුම්පානය කරන්නන් අතර කනස්සල්ලක් මතුවී තිබෙනවා. ඇතමුන් පවසන්නේ නිකොටින් පවුචස්...

මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු...

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කරන විදේශීය සිසුන් බහුතරයක් නැවත තම රටවල් වෙත යනවාද, නැත්නම් ඔස්ට්‍රේලියාව තුළම රැඳී සිටිනවාද කියන ප්‍රශ්නය නැවතත්...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

11 සහ 12 ශ්‍රේණිවලට ගණිතය අනිවාර්ය කරන්න ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් සැරසෙයි

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom