මෙල්බන් නගරයේ පැවති ප්‍රාදේශීය පාපන්දු තරගයක් අතරතුර හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් 27 හැවිරිදි නේතන් ෆිට්ස්ජෙරල්ඩ් (Nathan Fitzgerald) බරපතල තත්වයක පසුවන බව වාර්තා වනවා.
එපිංග් (Epping) සහ ලලෝර් (Lalor) කණ්ඩායම් අතර පැවති තරගයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු සමඟ හිස ගැටීමෙන් අනතුරුව ඔහුගේ හිස කෘත්‍රිම ක්‍රිකට් තණතීරුව මත වැටී මෙම තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් පසු ඔහු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කළ අතර, රාත්‍රිය තුළ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහී ඇති බව ඔහුගේ ක්‍රීඩා සමාජය නිවේදනය කළා.
එපිංග් පාපන්දු හා නෙට්බෝල් සමාජය ප්‍රකාශ කළේ නේතන් මේ වනවිට බරපතල තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසයි.
සිද්ධියෙන් පසු එම තරගය අතරමග නතර කර ඇති අතර එදින පැවැත්වීමට නියමිත අනෙකුත් තරගද අවලංගු කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම අනතුර සම්බන්ධයෙන් අපරාධමය ක්‍රියාවක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.









