උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඕස්ට්‍රේලියාවේ ජනගහනය මේ වනවිට මිලියන 28 සීමාව ඉක්මවා ඇති බව නවතම ජනගහන ඇස්තමේන්තු පෙන්වා දෙනවා.

2024 අවසානයේදී රටේ ජනගහනය මිලියන 27.4ක් ලෙස වාර්තා වූ අතර, ඉන් පසු කාලය තුළ එය තවදුරටත් වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා.

Banner 01

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ දත්ත අනුව, 2024 වසරේ පමණක් ජනගහනය 445,900කින් ඉහළ ගොස් තිබුණා.

Advertisement

එම වර්ධනයෙන් 340,800කට වැඩි පිරිසක් එක්වී ඇත්තේ විදේශ සංක්‍රමණය හරහායි.

2025 වසර තුළද එම ප්‍රවණතාවය අඛණ්ඩව පැවති අතර, සැප්තැම්බර් දක්වා වූ මාස 12ක කාලය තුළ ජනගහනය තවත් 423,600කින් ඉහළ ගොස් තිබෙනවා.

Advertisement

එහිදීද ජනගහන වර්ධනයේ විශාලතම කොටස ශුද්ධ විදේශ සංක්‍රමණය මගින් සිදුව ඇති බව දත්ත පෙන්වා දෙනවා.

මේ අනුව 2024 ආරම්භයේ සිට 2026 මැද භාගය දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාවේ ජනගහනය ලක්ෂ 9කට ආසන්න සංඛ්‍යාවකින් වැඩි වී ඇති බවට ඇස්තමේන්තු කරනු ලබනවා.

නිවාස, ප්‍රවාහන, සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා සඳහා ඉල්ලුම ඉහළ යාමට මෙම ජනගහන වර්ධනය බලපා ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම දක්ෂ ශ්‍රමිකයින්, ජාත්‍යන්තර සිසුන් සහ ස්ථිර පදිංචිය සඳහා පැමිණෙන සංක්‍රමණිකයින් මෙම වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙනවා.

ජනගහනයේ වේගවත් වර්ධනය හේතුවෙන් නිවාස මිල, කුලී ගාස්තු සහ යටිතල පහසුකම් පිළිබඳ විවාදය ද ඕස්ට්‍රේලියාව තුළ තවදුරටත් උණුසුම් වී තිබෙනවා.


උණුසුම් පුවත්

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනයෙන් විශාල කොටසක් විදේශ සංක්‍රමණයෙන් සිදුව ඇති බව නව අධ්‍යයනයක් පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පදනම්...

ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් 2009 වසරේදී තැබූ මීටර් 100 ලෝක වාර්තාව බිඳ හෙළීමට චීනයේ නිෂ්පාදිත රොබෝවරයෙකු සමත්ව...

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන නගරවල නිවසක් කුලියට ගැනීමට දැන් තනි ආදායමක් ලබන සේවකයෙකුගේ අතට ලැබෙන වැටුපෙන් අඩකටත් වැඩි මුදලක් වැය වන...

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා...

ඔස්ට්‍රේලියාවට මේ වසරේ වාර්තාගත ලෙස වැඩිම වැසි ලැබුණු El Niño වසරක් බවට පත්වීමට ඉඩ ඇති බව අද මාධ්‍ය වාර්තා කරනවා....

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

ඔස්ට්‍රේලියානු මාර්ගවල රියදුරන්ගේ භයානක රිය පැදවීමේ පුරුද්දක් පාලනය කිරීම සඳහා නව circular road markings හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා. මෙම සලකුණු...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඕස්ට්‍රේලියාවේ ජනගහනයට අලුතින් එක්වූවන්ගෙන් බහුතරය සංක්‍රමණිකයන්ද?

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom