කොලොම්බියාවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට පැමිණි 23 හැවිරිදි Samuel Zuluaga තම ස්ථිර අනාගතයක් ගොඩනගාගැනීමට barber shop එකක රැකියාවක් ලබාගෙන තිබෙනවා.
එහිදී ඔහුට වීසා sponsor කර තිබුණද, ඔහුට අඩු වැටුප් ගෙවීම, superannuation නොගෙවීම සහ අයිතිවාසිකම් ගැන කතා කිරීමට බිය වීම වැනි ගැටලු ඇතිවූ බවයි ඔහු කියාසිටියේ.
ඔහු පවසන්නේ, පසුව තම employer විසින් ඔහුව රැකියාවෙන් ඉවත් කර, වීසා sponsor එකත් අහිමි කළ බවයි.
නමුත් පසුව වෘත්තීය සමිති සහ සහායක ආයතන මගින් ඔහුට හිමිවූ වැටුප් නැවත ලබා ගැනීමට හැකිව තිබෙනවා.
නව වාර්තාවකට අනුව, තාවකාලික වීසා හිමියන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් අඩු වැටුප් ගැටලුවලට මුහුණ දී ඇති බව හෙළිවනවා.
විශේෂයෙන් විදේශීය ශිෂ්‍යයන් සතියකට ඩොලර් මිලියන 60කට වැඩි වැටුප් අහිමි වන බවයි වාර්තාවන්නේ.
මේ අතර, NSW ප්‍රාන්තයේ රජය සංක්‍රමණික කම්කරුවන්ට සහාය වීමට නව “Migrant Workers Centre” එකක් ආරම්භ කළා.
එමගින් රැකියා අයිතිවාසිකම්, ආරක්ෂාව සහ වීසා ගැටලු සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට නියමිතයි.
ප්‍රාදේශීය නායකයන් පවසන්නේ බොහෝ සංක්‍රමණික කම්කරුවන් තම අයිතිවාසිකම් නොදැන සිටීම නිසා පහසුවෙන් වංචා වලට ගොදුරුවන බවයි.









