ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Richmond නගරයේ පිහිටි Makmur Enterprises Pty Ltd ආයතනයට, කම්කරුවෙකුගේ ඇඟිල්ලක් යන්ත්‍රයකට හසු වී තුවාල වීම සම්බන්ධයෙන් AUD 180,000 දඩයක් නියම කර තිබෙනවා.
කම්කරුවෙක් dough mixer යන්ත්‍රයක් ක්‍රියාත්මකව තිබියදී එයට අත දමා ඇති අතර, එහි තිබූ rotating blade එකකින් scraper tool එකක් වැදී ඇඟිල්ලක් හිරවී තුවාල වී තිබෙනවා.
පසුව ඔහු රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදී ඇතත් WorkSafe Victoria ආයතනය සඳහන් කරන්නේ, එම යන්ත්‍රයේ ආරක්ෂක ආවරණ (safety guards) සහ interlocking system ප්‍රමාණවත් ලෙස සවි කර නොතිබූ බවයි.
මෙවැනි ආරක්ෂක පද්ධති සවි කිරීමෙන් මෙම අනතුර වළක්වා ගත හැකිව තිබූ බවද ඔවුන් පෙන්වා දී දී තිබෙනවා.
එමෙන්ම මෙම ආයතනයට මීට පෙරද මෙවැනිම යන්ත්‍ර ආශ්‍රිත අනතුරු සහ නීති කඩවීම් කිහිපයක් සිදුවී ඇති බවත්, ඒ නිසා දැඩි දඬුවම් අවශ්‍ය බවත් අධිකරණය ද සදහන් කළා.
කෙසේවෙතත් ආයතනය මෙම නඩුවේදී වරද පිළිගෙන ඇතත්, නැවත නැවත සිදුවන ආරක්ෂක අඩුපාඩු හේතුවෙන් මෙම දඩය නියම කර ඇති බවටයි වාර්තාවන්නේ.









