ළමා ස්ථූලතාවය ඉහළ යාම වැළැක්වීම සඳහා overweight මව්පියන්ට weight loss ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රථම පර්යේෂණ වැඩසටහනක් ඕස්ට්‍රේලියාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම පර්යේෂණය සඳහා ඕස්ට්‍රේලියානු ළමුන් 60,000ක් වසර 10ක කාලයක් තුළ අධ්‍යයනය කිරීමට නියමිත අතර, එය 2027දී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්.
Murdoch Children’s Research Institute හි මහාචාර්ය Melissa Wake පවසන්නේ, වහාම ක්‍රියාමාර්ග නොගතහොත් දරුවන්ගේ ආයු කාලය ඔවුන්ගේ දෙමාපියන්ට වඩා අඩු විය හැකි බව Murdoch Children’s Research Institute හි මහාචාර්ය Melissa Wake පවසනවා.
දැනට ඕස්ට්‍රේලියාවේ ළමුන් අතර 30%කට ආසන්න පිරිසක් overweight හෝ obese තත්ත්වයේ පසුවන අතර, ඉදිරි දශකවලදී එය 50% දක්වා ඉහළ යා හැකි බවද අනතුරු අඟවා තිබෙනවා.
පර්යේෂකයින් විශ්වාස කරන්නේ, මව්පියන්ගේ සෞඛ්‍යය යහපත් කිරීම හරහා පවුල් ජීවන රටාව සහ ආහාර පුරුදුද වෙනස් කළ හැකි බවයි.
මෙම වැඩසටහන යටතේ හෘද සෞඛ්‍යය, ආහාර රටාව, ව්‍යායාම සහ නින්ද පිළිබඳවද විශේෂ අවධානය යොමු කිරීමට නියමිතය.
වෛද්‍යවරුන් පවසන්නේ, දරුවන්ට ප්‍රමාණවත් නින්ද ලබාදීම, රාත්‍රී 9ට පෙර නිදා ගැනීම, caffeine අඩු කිරීම සහ නිදන කාමරවල electronic devices භාවිතය සීමා කිරීමද මෙම ගැටලුව අවම කිරීමට වැදගත් වන බවයි.









