U19 Women’s International Tri-Series මාලාවේ දෙවැනි එක්දින තරඟය අද Ian Healy Oval ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.
තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා U19 කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
Chamudi Prabodha නායකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායමට Umayangana Peiris, Sanjana Kavindi, Vimoksha Balasooriya සහ WK Nethagi Isuranjali ඇතුළු පළපුරුදු තරුණ ක්‍රීඩකයින් ඇතුළත් වී ඇති අතර පන්දු යැවීම වෙනුවෙන් Aseni Thalaguene, Daria Dissanayake, Chamodi Herath යන ක්‍රීඩිකාවන් ද සංචිතයට ඇතුලත්වී තිබෙනවා.
එංගලන්ත U19 කණ්ඩායමේ නායකත්වය Bryony Gillgrassට හිමිව ඇති අතර WK Mollie Adams, Amelia Oliver, Shristi Patil, Sophie Beech සහ Maria Andrews ඇතුළු ක්‍රීඩිකාවන් මෙවර සංචිතයට ඇතුලත්.
එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දු රැකීම සදහා මනා පුහුණුවකින් යුක්ත බවටයි ඔවුන් පවසන්නේ.
කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු උණුසුම් කාලගුණය මැද ආරම්භ වූ මෙම තරඟය Tri-Series මාලාවේ තරඟාකාරීත්වය තීරණය කළ හැකි වැදගත් සටනක් ලෙසටයි සැලකෙන්නේ.
Live Streaming Link









