ඔස්ට්‍රේලියාවේ නිවාසවල සාමූහික වටිනාකම ඩොලර් ට්‍රිලියන 12.3 ක් අභිබවා නව සන්ධිස්ථානයකට පැමිණ තිබෙන බවට වාර්තා වනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) සඳහන් කළේ 2025 දෙසැම්බර් කාර්තුවේදී මාස කිහිපයක් ඇතුළත නිවාසවල වටිනාකම සියයට 3.2 කින් වැඩිවී ඇති බවයි.
බටහිර ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය නිවාස මිල ඩොලර් 70,500 කින් ඉහළ ගොස් ඇති අතර, වර්ධනය වාර්ෂිකව 16.8%ක් දක්වා ඇති බවයි ABS ප්‍රධානී ආචාර්ය මිෂ් ටෑන් පවසන්නේ.
එමෙන්ම උතුරු ප්‍රදේශයේ නිවාසවල සාමාන්‍ය මිල 15.1% ක්, ක්වීන්ස්ලන්තයේ 13.9% ක් වැඩි වී ඇති අතර දකුණු ඕස්ට්‍රේලියාවේ වර්ධනය 4.5%ක් සහ , ACT හි වර්ධනය මන්දගාමී ලෙස සියයට 3 ක් පමණ බවටයි දත්ත පෙන්වා දෙන්නේ.
මෙල්බන් සහ සිඩ්නි හි මිලවර්ධනය 3.4% සහ 3.6% ක් ලෙසටයි දැක්වෙන්නේ.
එමෙන්ම ජාතික සාමාන්‍ය නිවාස මිල වර්ධනය 7.2%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 2022 සිට නිවාස වෙළඳපොළ බාධාවකින් තොරව ස්ථාවරව වර්ධනය වී තිබෙනවා.
කෙසේවෙතත් ABS සඳහන් කරන්නේ, බටහිර ඔස්ට්‍රේලියාවේ වර්ධනය වසරේ ඕනෑම ප්‍රාන්තයකට වඩා වේගවත් බවයි.









