විකිරණවේදීන්ගේ බරපතල කාර්ය මණ්ඩල හිඟය සහ වැඩිවන ඉල්ලුම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සමහර රෝහල් රෝගීන්ගේ වෛද්‍ය ස්කෑන් පරීක්ෂණ වාර්තා සඳහා විදේශ රටවල වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගන්නා බවට හෙළි වී තිබෙනවා.
විමර්ශනයකින් අනාවරණය වූයේ, විශේෂයෙන් රාත්‍රී කාලයේ සිදු කරන CT ස්කෑන් වාර්තා කිරීම සඳහා එම රූප බොහෝවිට එක්සත් රාජධානිය වැනි රටවල විකිරණවේදීන් වෙත යවනු ලබන බවයි.
ඔස්ට්‍රේලියාවේ රාත්‍රිය වන විට එම රටවල දිවා කාලය වීම මෙම ක්‍රියාවලියට පහසු බවටයි වාර්තා වන්නේ.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ සියලුම වාර්තා ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සහ ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව, ලියාපදිංචි විකිරණවේදීන් විසින් සකස් කරනු ඇති බවයි.
කෙසේ වෙතත්, රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරක්ෂිත කිරීම ප්‍රමුඛතාව විය යුතු බව රෝගී උපදේශකයන් අවධාරණය කළේ.
එමෙන්ම, දිගුකාලීන විසඳුමක් ලෙස විකිරණවේදීන්ගේ ශ්‍රම බලකාය වැඩි කිරීම සඳහා රජයේ අරමුදල් සහිත පුහුණු වැඩසටහන් ආරම්භ කළ යුතු බවට ද ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවටයි වාර්තා වන්නේ.









