උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

බටහිර ඔස්ට්‍රේලියාවේ “සමූහ මරණ” ප්‍රහාරයක් සැලසුම් කළ බවට චෝදනා ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙකුට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබෙනවා.

Bindoon ප්‍රදේශයේ පදිංචි Jayson Joseph Michaels නම් මෙම පුද්ගලයා, බටහිර ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, පොලිස් මූලස්ථානය සහ මුස්ලිම් ආගමික දේවස්ථානයක් ඉලක්ක කර ප්‍රහාරයක් සැලසුම් කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

Banner 01

බටහිර ඔස්ට්‍රේලියා පොලිසිය, Australian Federal Police සහ ASIO එක්ව කටයුතු කරන Joint Counter Terrorism Team විසින් ඔහුගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් පිළිබඳ පරීක්ෂණයක් ජනවාරි මාසයෙන් ආරම්භ කර තිබුණා.

Advertisement

එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ නිවස සෝදිසි කර ගිනිඅවි 7ක්, බෝලට් ආරක්ෂක ඇඳුමක්, ගෑස් මස්ක්, lock picking උපකරණ සහ ප්‍රහාර සැලසුම් සටහන් කර තිබූ Note Book එකක් සොයාගෙන තිබෙනවා.

ඔහුට “ත‍්‍රස්ත ක්‍රියාවකට සූදානම් වීම”, තර්ජනාත්මක සන්නිවේදනය භාවිත කිරීම, තහනම් ආයුධයක් හිමිකර ගැනීම සහ ගිනිඅවි සම්බන්ධ චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා ඇති බවයි පොලීසිය පවසන්නේ.

Advertisement

මෙම චෝදනාවට උපරිම දඩුවම ජීවිතාන්තර සිරදඬුවම් වන අතර WA ප්‍රධාන අමාත්‍ය Roger Cook සඳහන් කළේ මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට පවතින කිසිදු තවත් තර්ජනයක් නොමැති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගමැති Anthony Albanese ද ප්‍රකාශයක් නිකුත් කරමින්, ජාතිවාදී හෝ ආගමික වෛරයට මේ රටේ ඉඩක් නොමැති බව අවධාරණය කර සිටියා.

මෙම සැකකරු නැවත මාර්තු 23 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල...

Northern Territory රජය 2026–27 වසර සඳහා Skilled Migration නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 21 සිට onshore applicants සහ...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී...

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

බටහිර ඔස්ට්‍රේලියාවේ පොදු ස්ථාන කිහිපයක ත්‍රස්ත ප්‍රහාර සැලසුමක් හෙළිවෙයි

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom