උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

එළඹෙන සරත් සෘතුවේදී (Autumn) ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක ලැව්ගිනි අවදානම තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවනවා.

ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත ගිනි නිවන සහ හදිසි සේවා කවුන්සිලය (AFAC) විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ ලබන මාර්තු සිට මැයි දක්වා කාලය තුළ වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ බටහිර ඔස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශවල ලැව්ගිනි ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි.

Banner 01

මෑතකදී ඇතැම් ප්‍රදේශවලට තද වැසි ලැබුණ ද, පොළොවේ පවතින දිගුකාලීන වියළි බව සහ පාංශු තෙතමනය අඩුවීම නිසා ලැව්ගිනි පැතිර යාමේ හැකියාව තවදුරටත් පවතින බවයි AFAC ප්‍රධානී රොබ් වෙබ් (Rob Webb) පෙන්වා දෙන්නේ.

Advertisement

මෙම තත්ත්වය හේතුවෙන් සැලසුම් කර තිබූ Fuel reduction burning පවා ප්‍රමාද වීමට ඉඩ ඇති බව ඔහු සඳහන් කළා.

මේ අතර 2025/26 ලැව්ගිනි සමය තුළ ජීවිත හානි කිහිපයක් ද වාර්තා වී ඇති අතර, වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් හෙක්ටයාර 400,000කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

Advertisement

හදිසි කළමනාකරණ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සරත් සෘතුවේදී වුවද ලැව්ගිනි ආරක්ෂණ සැලසුම් (Bushfire Plans) අත්නොහරින ලෙසයි.

ප්‍රාදේශීය ගිනි නිවන අංශ ලබා දෙන උපදෙස් නිවැරදිව පිළිපදින ලෙස ද ඔවුන් උපදෙස් දී තිබෙනවා.

සංචාරක කලාපවල වෙසෙන ජනතාව සහ සංචාරකයින් කාලගුණික වෙනස්වීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.


උණුසුම් පුවත්

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and...

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ...

ඔස්ට්‍රේලියාවේ විදේශිකයන් විසින් නිවාස සහ නේවාසික දේපළ මිලදී ගැනීම සඳහා ලබාගත් අනුමැති සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 2026...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 25ත් 34ත් අතර තරුණයන්ගේ නිවාස හිමිකාරීත්වය වසර 80කින් වාර්තා වූ පහළම මට්ටමට වැටී තිබෙනවා. Anglicare Australia නිකුත්...

මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු...

ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපන පද්ධතිය කෙරෙහි දෙමාපියන් තුළ පවතින විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙමින් පවතින බව වාර්තා වනවා. මෑත කාලීන දත්තවලට...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Autumn එකේදීත් වික්ටෝරියාව ඇතුළු ප්‍රාන්ත 3කට ලැව්ගිනි අවදානමක්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom