ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පතල් සමාගමක් වන BHP හි ලිංගික හිංසන සිද්ධීන් 113ක් තහවුරු වී ඇති බව නවතම වාර්ෂික වාර්තාවෙන් හෙළිවී තිබෙනවා.
2025–26 මූල්‍ය වර්ෂය තුළ මෙම සිද්ධීන්ට සම්බන්ධ සේවකයන් 109 දෙනෙකු රැකියාවෙන් ඉවත් කර ඇති බව හෝ ඔවුන් විසින් රැකියාවෙන් ඉල්ලා අස්වී ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම තවත් ලිංගික හිංසන පැමිණිලි 104ක් ලැබී තිබුණද, ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම හේතුවෙන් ඒවා සම්බන්ධයෙන් විමර්ශන සිදුකර නොමැති බව සඳහන්.
එම පැමිණිලිවලින් ඇතැම් ඒවාට අදාළ පුද්ගලයන්ගේ කැමැත්ත නොමැති වීම හේතුවෙන්ද වැඩිදුර විමර්ශන සිදුකර නොමැති බව වාර්තාවේ දැක්වෙනවා.
මෙම සංඛ්‍යාලේඛන හෙළිවන්නේ ඔස්ට්‍රේලියාවේ පතල් කර්මාන්තයේ සේවා ස්ථාන සංස්කෘතිය සහ සේවක ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇති අවස්ථාවකයි.
BHP සමාගම පවසන්නේ ලිංගික හිංසනය කිසිසේත් පිළිගත නොහැකි හැසිරීමක් වන අතර, සේවකයන්ට ආරක්ෂිත සහ ගෞරවාන්විත සේවා පරිසරයක් ලබාදීම තම ප්‍රමුඛතාවක් බවයි.
කෙසේවෙතත් මෙම නව අනාවරණයත් සමඟ ඔස්ට්‍රේලියාවේ පතල් කර්මාන්තය තුළ සේවක ආරක්ෂාව සහ සේවා ස්ථානවල හැසිරීම් පිළිබඳව තවදුරටත් අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.









