ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාල වන Coles සහ Woolworths, වෙළෙඳසැල්වල අපරාධ වැළැක්වීම සඳහා AI Facial Recognition තාක්ෂණය පරීක්ෂා කර තිබෙනවා.
මෙම තාක්ෂණයෙන් පාරිභෝගිකයන්ගේ මුහුණු හඳුනාගෙන, කලින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයන් හඳුනාගැනීමට හැකිද යන්න පරීක්ෂා කිරීම මෙහි අරමුණයි.
කෙසේ වෙතත්, Coles පවසන්නේ පාරිභෝගිකයන්ගේ හෝ සේවකයන්ගේ තොරතුරු භාවිත නොකර, එක් වරක් පමණක් සීමිත පරීක්ෂණයක් සිදුකළ බවයි. දැනට තම වෙළෙඳසැල්වල Facial Recognition තාක්ෂණය භාවිත නොකරන බවත් Coles සඳහන් කරනවා.
Woolworths ද තාක්ෂණය පරීක්ෂා කර ඇති අතර, එය New Zealand කාර්යාලයකදී සිදුකර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. නමුත් Australia වෙළෙඳසැල්වල ක්‍රියාත්මක කරන්නේද යන්න තවමත් තීරණයක් ගෙන නැත.
මෙම පියවරට හේතුව වී ඇත්තේ supermarket සේවකයන්ට සිදුවන ප්‍රචණ්ඩත්වය, තර්ජන සහ අපහාස වැඩිවීම පිළිබඳ ඇති කනස්සල්ලයි. Retail workers පිළිබඳ සමීක්ෂණයකදී 34%ක් තම සේවා ස්ථානයේ ආරක්ෂිත බවක් නොදැනෙන බව පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, Facial Recognition තාක්ෂණය සම්බන්ධයෙන් පෞද්ගලිකත්වය සහ වැරදි ලෙස පුද්ගලයන් හඳුනාගැනීම පිළිබඳ දැඩි කනස්සල්ලක්ද පවතිනවා. මේ වනවිට Coles හෝ Woolworths විසින් Australia පුරා මෙම තාක්ෂණය ක්‍රියාත්මක කිරීමට අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.









