උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Melbourne Airport හි ඉදිරි වසර 20 සඳහා වූ නව Master Plan 2027 සැලැස්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම සැලැස්ම යටතේ 2047 වන විට Melbourne Airport හරහා වසරකට මගීන් මිලියන 75ක් පමණ ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. එය පසුගිය මූල්‍ය වසරේ ගුවන් තොටුපළ භාවිත කළ මිලියන 37කට ආසන්න මගීන් සංඛ්‍යාවට සාපේක්ෂව දෙගුණයකටත් ආසන්න වැඩිවීමක්.

Banner 01

මෙම ව්‍යාප්ති සැලැස්මට ජාත්‍යන්තර සහ දේශීය Terminal පහසුකම් පුළුල් කිරීම, ධාවන පථ වැඩිදියුණු කිරීම සහ ගුවන් තොටුපළට පැමිණීම හා පිටවීම පහසු කිරීම සඳහා නව ප්‍රවාහන යටිතල පහසුකම් ඇතුළත්.

Advertisement

මේ අතර, ගුවන් තොටුපළට නව සහ පුළුල් කළ Pick-up සහ Drop-off ප්‍රදේශ ඔක්තෝබර් මාසයේදී විවෘත කිරීමට නියමිතයි. එමඟින් ජාත්‍යන්තර Terminal ව්‍යාප්තිය සඳහා මාර්ගය සකස් වනු ඇති.

Melbourne Airport වෙත නව මාර්ග සහ වැඩිදියුණු කළ බස් සේවා ලබාදීමද සැලැස්මේ ප්‍රධාන අංගයක්. Melbourne Airport සහ Melbourne නගරය අතර Sunshine හරහා ඉදිකිරීමට යෝජිත දුම්රිය සම්බන්ධතාවයද මෙම දිගුකාලීන සැලැස්මට ඇතුළත් කර තිබෙනවා.

Advertisement

එමෙන්ම, Melbourne Airport හි දැනට පවතින East-West ධාවන පථය මීටර් 345කින් දිගු කිරීමේ ව්‍යාපෘතියද Master Plan එකට ඇතුළත් කර තිබෙනවා. එය තුන්වන ධාවන පථය ඉදිකිරීමේදී සිදුවන වෙනස්කම් සමඟ සම්බන්ධයි.

නව Master Plan 2027 සම්බන්ධයෙන් මහජන අදහස් සහ යෝජනා ලබාගැනීම අද සිට ආරම්භ කර තිබෙන අතර, ඒ සඳහා අදහස් ඉදිරිපත් කිරීමට 2026 නොවැම්බර් 4 වැනිදා දක්වා අවස්ථාව තිබෙනවා.

ඒ අනුව, ඉදිරි දශක දෙක තුළ Melbourne Airport ඔස්ට්‍රේලියාවේ දැවැන්තම ගුවන් ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් පුළුල් කිරීමට මෙම Master Plan එක මගින් සැලසුම් කර තිබෙනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා. OECD රටවල් 39ක් අතර...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

Northern Territory රජය 2026–27 වසර සඳහා Skilled Migration නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 21 සිට onshore applicants සහ...

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ...

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය...

Queensland හි Biloela ප්‍රදේශයේ පවතින බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව අද නව වාර්තාවක් මගින් අවධානය යොමු කර තිබෙනවා. ජනගහනය 6,000කටත්...

ඔස්ට්‍රේලියාවේ ඉතිරිව සිටින මුහුදු සිංහයන් 12,000කට පමණ දරුණු Bird Flu වෛරසයෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මියගිය දිගු...

මෙල්බන් නැගෙනහිර Westfield Knox සාප්පු සංකීර්ණයේ සිදුවූ මාරක රිය අනතුරකින් 27 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ අද...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වසර 20කට පසු මෙල්බන් ගුවන් තොටුපළට වෙන්න යන දේ

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom