වික්ටෝරියාවේ Hoppers Crossing ප්‍රදේශයේ වයස අවුරුදු 90 ගණනක කාන්තාවක් ambulance සේවාව පැමිණීමට පැය තුනකට ආසන්න කාලයක් බලා සිටියදී මියගොස් තිබෙනවා.
ඇය අලුයම 4ට පමණ වැටීමෙන් පසු සිය medical alert උපකරණය භාවිත කර හදිසි සහාය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, හදිසි සේවා නිලධාරීන් එම නිවසට පැමිණ ඇත්තේ අලුයම 7ට ආසන්න වේලාවකදී බව සඳහන්.
එම අවස්ථාවේදී කාන්තාව මියගොස් සිටි බව හදිසි සේවා කණ්ඩායම් අනාවරණය කර තිබෙනවා.
ඇමතුම non-urgent හෙවත් Code 3 ලෙස වර්ගීකරණය කර තිබීම ප්‍රමාදයට හේතුවක් වී ඇති බව වාර්තා වනවා.
Ambulance Victoria විසින් සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පවුලට ශෝකය පළ කර තිබෙනවා.
මෙම මරණය සැක සහිත එකක් ලෙස නොසලකන අතර, පොලිසිය විසින් Coroner වෙත වාර්තාවක් සකස් කරමින් සිටිනවා.









