මෙල්බන් නගරයේ ජීවත්වන ශශිකා සහ සමිත් යුවළ, Victoria ප්‍රාන්තයේ Heathcote ආසන්නයේ පිහිටි අපූරු canola මල් යාය නැරඹීම සඳහා පැය දෙකක පමණ දුරක් ගමන් කර තිබෙනවා.
Notting Hill ප්‍රදේශයේ සිට පැමිණි මෙම යුවළ, නගරයේ කාර්යබහුල ජීවිතයෙන් මඳක් ඈත්ව ග්‍රාමීය පරිසරයක සුන්දරත්වය අත්විඳීම තම ගමනේ අරමුණ වූ බවයි පවසා ඇත්තේ.
කහ පැහැති මල්වලින් වැසුණු විශාල භූමිය ඉතා ස්වාභාවික හා සුන්දර දර්ශනයක් බවත්, නගරයේ ශබ්දකාරී පරිසරයට වඩා මෙහි සන්සුන් හා නිස්කලංක බව තමන්ව වශී කළ බවත් සමිත් පවසා තිබෙනවා.
මෙම යුවළ canola මල් යායේ ගුවනින් දර්ශන ලබාගැනීම සඳහා drone කැමරාවක්ද රැගෙන පැමිණ තිබුණා.
තමන් ජීවත්වන ප්‍රදේශය ආසන්නයේ helipad එකක් තිබීම නිසා drone පියාසර කිරීමට සීමාවන් පවතින නමුත්, මෙම ස්ථානයේ නීති පිළිපදිමින් අලංකාර දර්ශන ලබාගැනීමට හැකි වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
Cornella ප්‍රදේශයේ Shiraz Republic ගොවිපළේ සංවිධානය කරන මෙම Canola Walk අත්දැකීම, Victoria ප්‍රාන්තයේ වේගයෙන් ජනප්‍රිය වන ග්‍රාමීය සංචාරක ආකර්ෂණයක් බවට පත්ව තිබෙනවා.
2022 වසරේදී පුද්ගලයන් 700ක් පමණක් පැමිණ තිබූ මෙම ස්ථානයට පසුගිය වාරයේදී නරඹන්නන් 20,000ක් පැමිණ ඇති අතර, එය සංවිධායකයන් අපේක්ෂා කළ සංඛ්‍යාවට වඩා සිව් ගුණයක් බවයි වාර්තා වන්නේ.
සාමාන්‍යයෙන් ගොවීන් canola වගාබිම්වලට මහජනතාව ඇතුළුවීම වැළැක්වීමට උත්සාහ කරනවා.
ඒ පුද්ගලික ආරක්ෂාවට මෙන්ම ගොවිපළවල biosecurity තත්ත්වයටද අවදානම් ඇති විය හැකි නිසයි.
නමුත් මෙම ස්ථානයේ නරඹන්නන් සඳහා විශේෂ මාර්ගයක් සකස් කර, මල් අතරින් ඇවිදීමට සහ ඡායාරූප ලබාගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.
මෙම වසරේ canola මල් සාමාන්‍ය කාලයට වඩා මාසයකට පමණ කලින් පිපී ඇති බව ගොවිපළ හිමිකරු Brian Spencer පවසනවා.
මල් පිපීම සැප්තැම්බර් අවසානය දක්වා පවතිනු ඇතිද යන්න කාලගුණය මත තීරණය වන බවද ඔහු සඳහන් කළා.
මෙම Canola Walk හේතුවෙන් ප්‍රදේශයේ cafes, wineries, නවාතැන් පහසුකම් සහ අනෙකුත් දේශීය ව්‍යාපාර වෙතද වැඩි සංචාරකයින් පිරිසක් පැමිණෙමින් තිබෙනවා.
#SriLankansInAustralia #MelbourneSriLankans #CanolaWalk #Heathcote #VictoriaTravel #AustralianNews









