ඇමෙරිකාවේ Las Vegasහි Harry Reid International Airport තුළදී, සාමාන්‍ය ඇඳුමින් සිටි Immigration and Customs Enforcement හෙවත් ICE නිලධාරීන් විසින් Australian පුරවැසියෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇත්තේ Vietnamහි උපත ලැබූ, Australian පුරවැසියෙකුයි.
අවට සිටි පුද්ගලයින් සිද්ධිය වූ ස්ථානයට එක්වීමත් සමඟ ICE නිලධාරීන් එම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම නවතා පිටව ගොස් තිබෙනවා.
පසුව Las Vegas පොලීසිය ඔහුට එරෙහිව ක්‍රියාත්මක warrant එකක් නොමැති බව හඳුනාගෙන, ඔහුගේ අතේ තිබූ අත්විලංගුව ඉවත් කළ බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත්, පසුවදා Los Angeles International Airport වෙතින් ගුවන්ගත වීමට සූදානම්ව සිටියදී ඔහු නැවත ICE නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇමෙරිකානු Department of Homeland Security පවසන්නේ ඔහු 2013 වසරේ නීත්‍යානුකූල visa එකක් මත ඇමෙරිකාවට පැමිණ ඇති නමුත්, 2015 මැයි මාසයෙන් පසු රටෙන් පිටව නොගොස් visa කාලය ඉක්මවා රැඳී සිට ඇති බවයි.
ඔහුට නිසි නීතිමය ක්‍රියාවලිය ලබාදෙන අතර, රටින් ඉවත් කිරීමේ නඩු කටයුතු අවසන් වන තෙක් ICE භාරයේ තබන බව ද බලධාරීන් සඳහන් කර තිබෙනවා.
Australian Department of Foreign Affairs and Trade ආයතනය ද සිද්ධිය සම්බන්ධයෙන් හදිසි විමර්ශන සිදුකරන අතර, ඉල්ලීමක් ලැබුණහොත් ඔහුට consular assistance ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.









