උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියානු රජයේ First Home Guarantee වැඩසටහන යටතේ සියයට 5ක deposit එකක් පමණක් ගෙවා නිවාස මිලදීගත් පළමු නිවාස ගැනුම්කරුවන්ට, නිවාස මිල පහත වැටීමත් සමඟ නව මූල්‍ය අවදානමක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් වී තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලබන ගැනුම්කරුවන්ට සාමාන්‍යයෙන් අවශ්‍ය සියයට 20ක deposit එක නොමැතිව නිවසක් මිලදීගැනීමට හැකි අතර, ඉතිරි කොටස සඳහා Federal Government guarantee එකක් ලබාදෙනු ඇති.

Banner 01

ඒ හේතුවෙන් ගැනුම්කරුවන්ට Lenders Mortgage Insurance ගෙවීමෙන්ද වැළකීමට පුලුවන්.

Advertisement

කෙසේ වෙතත්, ගැනුම්කරු මුලදී නිවස තුළ තබන තමන්ගේ මුදල් ප්‍රමාණය සියයට 5ක් වැනි අඩු මට්ටමක පවතින නිසා, නිවසේ වෙළෙඳපොළ වටිනාකම සියයට 5කට වැඩි ප්‍රමාණයකින් පහත වැටුණොත් නිවසේ වටිනාකමට වඩා නිවාස ණය මුදල වැඩි විය හැකියි.

උදාහරණයක් ලෙස ඩොලර් 600,000ක නිවසක් සියයට 5ක deposit එකක් හෙවත් ඩොලර් 30,000ක් ගෙවා මිලදීගතහොත්, ආරම්භක ණය මුදල ආසන්න වශයෙන් ඩොලර් 570,000ක් වෙනවා.

Advertisement

නිවසේ වටිනාකම ඩොලර් 550,000ක් දක්වා පහත වැටුණොත්, එය විකිණීමෙන් ලැබෙන මුදලෙන් සම්පූර්ණ ණය මුදල පියවීමට නොහැකි විය හැකි බවයි විශේෂඥයින් පවසන්නේ.

Melbourne හි Tarneit, Truganina සහ Hoppers Crossing ඇතුළත් ප්‍රදේශය First Home Guarantee භාවිතය ඉහළ ප්‍රදේශයක් ලෙස සඳහන් වන අතර, එහි නිවාස මිල සියයට 1.1කින් පහත වැටී ඇති බවද වාර්තා වෙනවා.

රජය පවසන්නේ මෙම වැඩසටහන හරහා පළමු නිවාස ගැනුම්කරුවන්ට වසර ගණනාවක් deposit එකක් රැස්කරමින් බලා නොසිට ඉක්මනින් නිවාස වෙළෙඳපොළට ඇතුළුවීමට සහ Lenders Mortgage Insurance සඳහා වැයවන මුදල් ඉතිරි කරගැනීමට හැකිවූ බවයි.

කෙසේවෙතත් විශේෂඥයින් පෙන්වාදෙන්නේ Negative equity තත්ත්වයක් ඇතිවුණත් ණය වාරික නියමිත පරිදි ගෙවමින් දිගුකාලීනව නිවස තබාගන්නා පුද්ගලයෙකුට එය වහාම පාඩුවක් බවට පත්වන්වන්නේ නොමැති බවයි.

නමුත් රැකියාව අහිමිවීමක්, ණය ගෙවීමට නොහැකිවීමක් හෝ ඉක්මනින් නිවස විකිණීමට සිදුවීමක් ඇතිවුවහොත් එය බරපතළ ගැටලුවක් විය හැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.


උණුසුම් පුවත්

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...

වන් නේෂන් නායිකා පෝලින් හැන්සන්, වාර්ගික වෙනස්කම් කිරීම පනතේ 18C වගන්තිය සම්බන්ධ නඩුව මහාධිකරණයට ගෙන යාමට අවසර ඉල්ලා තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් 2009 වසරේදී තැබූ මීටර් 100 ලෝක වාර්තාව බිඳ හෙළීමට චීනයේ නිෂ්පාදිත රොබෝවරයෙකු සමත්ව...

මෙල්බන්හි ඉහළ ගිය නිවාස මිල සහ ජීවන වියදම් දරාගැනීමට අපහසු වූ 31 හැවිරිදි ඕස්ට්‍රේලියානුවෙකු අවසානයේ තායිලන්තයේ පදිංචියට යාමට තීරණය කර...

මෙල්බන්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක් වන Royal Melbourne Hospital විසින් සිය විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන් ඇතුළත් කරගැනීම නිශ්චිත ප්‍රදේශවල...

ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

5% Deposit එකෙන් නිවසක් ගත් අයට දැන් මොකද වෙන්නේ?

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom