ක්වීන්ස්ලන්ඩ් ව්‍යාපාරික කණ්ඩායම් සහ ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඔස්ට්‍රේලියාවේ Skilled Migration ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කළ යුතු බවට රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ Skilled Migration වැඩසටහන යටතේ පැමිණෙන පිරිසෙන් සැලකිය යුතු පිරිසක් ප්‍රධාන වීසා අයදුම්කරුගේ පවුල් සාමාජිකයන් වන අතර, ඔවුන්ගේ වෘත්තීය නිපුණතා වෙනම ඇගයීමකට ලක් නොවන බවයි.
ඒ හේතුවෙන් රට තුළ පවතින සැබෑ ශ්‍රම හිඟය පියවීම සඳහා මෙම ක්‍රමය ප්‍රමාණවත් නොවන බවද ඔවුන්ගේ අදහසයි.
විශේෂයෙන් සෞඛ්‍ය, ඉදිකිරීම්, පතල් කර්මාන්තය සහ ප්‍රාදේශීය ප්‍රදේශවල වෘත්තීය නිපුණතා සහිත සේවකයන්ගේ හිඟය තවදුරටත් පවතින බව ඔවුන් පෙන්වා දෙනවා.
එම නිසා Skilled Migration වැඩසටහන රටේ ආර්ථික අවශ්‍යතාවලට වඩාත් ගැළපෙන ආකාරයට යාවත්කාලීන කළ යුතු බව ඔවුන් යෝජනා කරනවා.
කෙසේ වෙතත්,රජය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල තීරණයක් හෝ ප්‍රතිපත්ති වෙනසක් ප්‍රකාශයට පත් කර නැහැ.









