ඔස්ට්‍රේලියාව සම්පූර්ණ ආර්ථික අවපාතයකට යාමේ අවදානම පෙරට වඩා අඩු වී ඇති බව නව ආර්ථික විශ්ලේෂණවලින් අනාවරණය වී තිබෙනවා.
මේ වනවිට උද්ධමනය ක්‍රමයෙන් පාලනය වෙමින් පවතින බවත් , ඉදිරි කාලයේදී පොලී අනුපාත පහළ යාමේ හැකියාවක් ද පවතින බවයි ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ.
ඒ හේතුවෙන් පාරිභෝගික වියදම් සහ ව්‍යාපාරික ක්‍රියාකාරකම් යළි ශක්තිමත් විය හැකි බවට ද අපේක්ෂා කල හැකි බවටයි වාර්තාවන්නේ.
එමෙන්ම , නිවාස මිල ගණන්, කුලී ගාස්තු සහ ජීවන වියදම තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම ජනතාවට ප්‍රධාන අභියෝගයක් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ඒ අනුව, ආර්ථිකයේ ධනාත්මක සංඥා දක්නට ලැබුණද, ජීවන වියදම් පීඩනය සම්පූර්ණයෙන්ම පහව යාමට තවත් කාලයක් ගතවිය හැකි බව ඔවුන්ගේ අදහසයි.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය මේ වන විට පෙරට වඩා වර්ධනය වී ඇති බවටයි නවතම ආර්ථික වාර්තා පෙන්වා දෙන්නේ.









