උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ දැවැන්තම විදුලි සංදේශ ජාලය වන Telstra සමාගමේ ජාල පද්ධතියේ ඇති වූ හදිසි තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන් මේ වන විට මිලියන ගණනක පරිශීලකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.

දුරකථන ඇමතුම් ලබා ගැනීමට සහ අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට නොහැකි වීමෙන් ඔස්ට්‍රේලියාව පුරාම ජන ජීවිතයට සහ ව්‍යාපාරික කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය දුම්රිය සේවා (V/Line) සන්නිවේදන ගැටලු හේතුවෙන් මුළුමනින්ම නතර කර ඇති අතර, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ද දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබෙනවා.

Advertisement

ව්‍යාපාරික ස්ථාන 80,000කට අධික සංඛ්‍යාවක් භාවිතා කරන Tyro ඇතුළු EFTPOS කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ පද්ධතීන් අක්‍රිය වීම නිසා වෙළඳසැල් සහ කුඩා ව්‍යාපාර රැසක කටයුතු අඩාල වී ඇති බව ද සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියාවේ පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ හදිසි ඇමතුම් අංකයක් වන 000 වෙත ඇමතුම් ලබා ගැනීමට Telstra පාරිභෝගිකයින්ට බාධා මතු විය හැකි බවයි.

Advertisement

කෙසේ වෙතත්, දුරකථන ස්වයංක්‍රීයව වෙනත් ක්‍රියාකාරී ජාල වෙත (Fall-back) සම්බන්ධ වන බැවින් හදිසි ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කරන ලෙස රජය දන්වා සිටිනවා.

Aldi Mobile, Belong, Boost සහ Woolworths Everyday Mobile වැනි Telstra ජාලය භාවිතා කරන අනෙකුත් අනුබද්ධ සේවා රැසක් ද මේ වන විට අක්‍රියව පවතිනවා.

මේ අතර Telstra ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම දෝෂය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා තම ඉංජිනේරුවන් කණ්ඩායම උපරිම අයුරින් කටයුතු කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් ස්ථාවර NBN අන්තර්ජාල සේවාවන්ට මින් බලපෑමක් වී නොමැති බවයි  වාර්තා වන්නේ.


උණුසුම් පුවත්

එළඹෙන ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් වික්ටෝරියානු ජනතාව සඳහා නොමිලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අගමැති...

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක්...

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන නගරවල නිවසක් කුලියට ගැනීමට දැන් තනි ආදායමක් ලබන සේවකයෙකුගේ අතට ලැබෙන වැටුපෙන් අඩකටත් වැඩි මුදලක් වැය වන...

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා....

බටහිර ඔස්ට්‍රේලියාවේ Kalgoorlie-Boulder ප්‍රදේශයේදී නිරුවතින් ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකුට සිරගත නොකර අත්හිටවූ දඬුවමක් ලබාදී තිබෙනවා. 26 හැවිරිදි Brian Charles...

ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and...

  Australia Post සහ StarTrack සමාගම් Christmas කාලයේ වැඩිවන parcel demand එකට සූදානම් වෙමින් රට පුරා රැකියා 3,500කට වැඩි ප්‍රමාණයක්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාව පුරා Telstra ජාලය බිඳවැටෙයි – දුරකථන, EFTPOS, දුම්රිය සේවා අඩාලයි

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom