උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

17 හැවිරිදි බාලවයස්කාර දැරියක් ඝාතනය කර ඇගේ සිරුර Suitcase එකක බහා දුම්රිය මාර්ගයක් අසල දමා පලායාමට තැත්කළ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු බැංකොක්හි සුවර්ණභූමි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ Ballarat ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Banner 01

ඔහු තායිලන්තයෙන් පර්ත් නුවර බලා යන ගුවන් යානයකට ගොඩවීමට උත්සාහ කිරීමේදී තායි ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Advertisement

තායිලන්ත පොලිසිය පවසන්නේ පසුගිය බ්‍රහස්පතින්දා අලුයම මෙම සැකකාර ඕස්ට්‍රේලියානු ජාතිකයා සහ 17 හැවිරිදි දැරිය Pattayaහි හෝටල් පරිශ්‍රයක ගමන් කරන අයුරු CCTV කැමරාවල සටහන්ව ඇති බවයි.

එහෙත් එදිනම රාත්‍රීයේ සැකකරු Suitcase  එකක් ස්කූටරයක බැඳගෙන හෝටලයෙන් පිටව ගොස්, මිනිත්තු 10ක් පමණ දුරින් පිහිටි දුම්රිය මාර්ගයක් අසල ලඳු කැලෑවකට එය දමන අයුරු ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Advertisement

පසුව ප්‍රදේශවාසීන් විසින් කරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම බෑගය තුළ තිබී දැරියගේ මළසිරුර සොයාගනු ලැබුවා.

කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් ඕස්ට්‍රේලියානු ජාතිකයා මෙම ඝාතන චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.

තමා නිදා සිටි අවස්ථාවේදී දැරිය හෝටල් කාමරයෙන් අතුරුදන් වූ බවත්, ඇයට සිදුවූ දේ පිළිබඳව තමා ද කනගාටු වන බවත් ඔහු පොලිස් වීඩියෝ පටයක් හරහා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව (DFAT) තහවුරු කර ඇත්තේ තායිලන්තයේ රඳවාගෙන සිටින තම පුරවැසියා වෙනුවෙන් අවශ්‍ය තානාපති සහ නීතිමය සහයෝගය ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

තායිලන්ත නීතියට අනුව මිනීමැරුම් චෝදනාවකට වරදකරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දණ්ඩනය නියම විය හැකියි.


උණුසුම් පුවත්

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන නගරවල නිවසක් කුලියට ගැනීමට දැන් තනි ආදායමක් ලබන සේවකයෙකුගේ අතට ලැබෙන වැටුපෙන් අඩකටත් වැඩි මුදලක් වැය වන...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා. OECD රටවල් 39ක් අතර...

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ජූලි මාසයේ රැකියා සංඛ්‍යාව 16,000කින් පමණ...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

තායිලන්තයේදී දැරියක් ඝාතනය කිරීමේ චෝදනාවට ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු අත්අඩංගුවට

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom