ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් AI platform භාවිත කරමින් දෛනික උපදෙස් ලබාගත්තද, පෞද්ගලික ලේඛන එයට ලබාදීමෙන් ඇතිවන අවදානම් පිළිබඳව විශේෂඥයින් අනතුරු අඟවනවා.
මූල්‍ය විශේෂඥවරියක වන Betsy Westcott පවසන්නේ නම, ලිපිනය, උපන් දිනය, බැංකු ගිණුම් අංක සහ Medicare තොරතුරු වැනි සංවේදී දත්ත කිසිවිටෙකත් AI වෙත ලබා නොදිය යුතු බවයි.
“ඔබ එම තොරතුරු අමුත්තෙකු සමඟ බෙදාගැනීමට සූදානම් නැත්නම්, ඒවා AI Platformවලටත් ලබා නොදිය යුතුයි” යැයි ඇය සඳහන් කළා.
ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ AI platform මූල්‍ය උපදේශන සේවා නොවන බැවින්, ලියාපදිංචි මූල්‍ය උපදේශකයන් මෙන් නීතිමය වගකීම් ඒවාට නොමැති බවයි.
දැනටමත් සංවේදී ලේඛන AI වෙත ලබා දී ඇත්නම්, එම සංවාද වහාම මකාදමා platform එකේ memory settings ද පරීක්ෂා කරන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ.
තොරතුරු chat history, file libraries සහ memory banks තුළ ගබඩා වී තිබිය හැකි බවට ද ඇය අනතුරු අඟවනවා.
විශේෂඥයින්ගේ උපදෙස වන්නේ මූල්‍ය උපදෙස් සඳහා නීත්‍යානුකූල සහ නියාමනය කළ ආයතනවල සහාය ලබාගැනීම සුදුසු බවයි.









