ඔස්ට්‍රේලියාවේ Bathurst ප්‍රදේශයෙන් සොයාගත් විදේශීය කැරපොත්තන් විශාල තොගය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරන බව බලධාරීන් පවසයි.
මෙම සත්ත්වයන් පරිසරයට මුදාහැරියහොත් ආක්‍රමණශීලී විශේෂ සහ රෝගකාරක ජීවීන් පැතිර යාමේ අවදානමක් ඇති බවටයි අනතුරු අඟවන්නේ.
පරිසර පද්ධති, කෘෂිකර්මාන්තය සහ දේශීය ජීව විවිධත්වයටද මෙය බරපතළ තර්ජනයක් විය හැකි බවයි නිලධාරීන් සඳහන් කරන්නේ .
අත්අඩංගුවට ගත් සතුන්ගේ වටිනාකම ඉහළ මට්ටමක පවතින අතර, මෙය රටේ විශාලතම විදේශීය අපෘෂ්ඨවංශික සත්ව අත්අඩංගුවට ගැනීම් අතරට එක්ව ඇති බවටයි අනාවරණය වන්නේ .
කෙසේ වෙතත්, Bathurst වැටලීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පුද්ගලයෙකුට එරෙහිව චෝදනා ගොනු කර නොමැති බව බලධාරීන් තහවුරු කර තිබෙනවා .
එහෙත්, සිද්ධියට අදාළ සියලු කරුණු පිළිබඳව පුළුල් විමර්ශනයක් අඛණ්ඩව සිදුකරමින් සිටින බවද ඔවුන් අවධාරණය කරයි.









