දකුණු ඔස්ට්‍රේලියාව 2025–2026 Skilled Migration වැඩසටහන සඳහා Registrations of Interest (ROI) ඉදිරිපත් කිරීම 2026 ජූනි 2 වනදා එනම් හෙට දින නිල වශයෙන් අවසන් කරන බව නිවේදනය කර තිබෙනවා .
Skilled Nominated Visa (Subclass 190) සහ Skilled Work Regional Visa (Subclass 491) සඳහා ඉල්ලුම්කරුවන්ට මෙය අතිශය වැදගත් අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.
Migration South Australia පවසන්නේ මෙම අවසන් වීම නව 2026–2027 වැඩසටහන සඳහා සූදානම් වීමේ පියවරක් බවයි.
එම අවස්ථාව ලබා ගැනීමට අපේක්ෂා කරන අය තම SkillSelect EOI යාවත්කාලීන කර අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කර තිබිය යුතු බවටයි ඔවුන් පෙන්වාදෙන්නේ.
විශේෂයෙන්ම සෞඛ්‍ය, ඉංජිනේරු, ICT, ගුරු, සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල කාර්ය මණ්ඩල අවශ්‍යතාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවට වැඩි දුරටත් සඳහන්.
ඒ නිසා, අවසන් දිනයට පෙර අයදුම් ඉදිරිපත් කිරීම මඟ හැර නොගන්නා ලෙස බලධාරීන් අවධාරණය කරනවා.
වැඩි තොරතුරු සදහා
https://migration.sa.gov.au/news/registrations-of-interest-closing-2-june-2026









