Victoria ප්‍රාන්තයේ මාස දෙකක් පුරා ක්‍රියාත්මක වූ නොමිලේ පොදු ප්‍රවාහන සේවාව අද (June 1) සිට අවසන් වී තිබෙනවා.
ඒ වෙනුවට Allan රජය විසින් Victoria පුරා train, tram සහ bus සේවාවන් සඳහා 50%කින් අඩු කළ ගාස්තු ක්‍රමයක් අද සිට ක්‍රියාත්මක කර තිබෙන බවටයි වාර්තාවන්නේ.
නව ක්‍රමය යටතේ කලින් AUD $11.40ක් වූ දෛනික ගමන් ගාස්තුව AUD $5.70 දක්වා අඩු වන අතර concession ගාස්තුව AUD $2.85ක් දක්වා පහත වැටෙන බව සඳහන්.
Victoria ප්‍රාන්ත අගමැතිනී Jacinta Allan පවසා ඇත්තේ ජීවන වියදම් පීඩනයට මුහුණ දෙන ජනතාවට සහනයක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ බවයි.
එමෙන්ම නිතර පොදු ප්‍රවාහනය භාවිත කරන පුද්ගලයෙකුට වසරකට AUD $850ක පමණ ඉතිරියක් ලැබිය හැකි බවද ඇය සඳහන් කර තිබෙනවා.
මේ අතර අද සිට Myki card භාවිත කරමින් නැවතත් touch on කිරීම අනිවාර්ය වන අතර ticket inspectors ද යළි රාජකාරී ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් මෙම අඩු ගාස්තු වැඩසටහන 2026 වසර අවසන් වන තෙක් ක්‍රියාත්මක වන බව Victoria රජය නිවේදනය කර තිබෙනවා.









