වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු අධ්‍යාපන ක්ෂේත්‍රයට වසර 40 සිට 60 දක්වා කාලයක් සේවය කළ ගුරුවරුන් සහ සහාය කාර්ය මණ්ඩලයේ 307 දෙනෙකුට උපහාර පිරිනමනු ලැබුවා.
ඒ රජය විසින් පවත්වන ලද වාර්ෂික සේවා ඇගයීම් සම්මාන උළෙලේදීයි. (Recognition of Service awards)
මෙහිදී වසර 60ක සේවා කාලයක් සම්පූර්ණ කළ ගුරුවරුන් විශේෂ ඇගයීමට ලක් වූ අතර, ඔවුන් අතර 1966 වසරේ සිට සේවයේ යෙදී සිටින John Mooney ද වනවා.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා ඕස්ට්‍රේලියානු රජයේ ගෞරව සම්මානයෙන් (Order of Australia) පිදුම් ලැබූ ඔහු, වසර 29ක් පුරා මෙල්බන්හි Emerson පාසලේ විදුහල්පතිවරයා ලෙස සේවය කර තිබෙනවා.
Balwyn High School, Bendigo Senior Secondary College වැනි පාසල් රැසක දීර්ඝ කාලීන සේවකයින් ද මෙහිදී ඇගයීමට ලක් කෙරුණා.
මේ අතර අධ්‍යාපන අමාත්‍ය Ben Carroll පවසන්නේ වික්ටෝරියානු ගුරුවරුන්, රටේ හොඳම ගෙවීම් ලබන ගුරුවරුන් බවට පත් කිරීමට රජය පියවර ගෙන ඇති බවයි.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන ගුරු පරපුරේ කැපවීම සැබවින්ම අගය කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.









