ශ්‍රී ලංකාවේ උපන් නීතිඥවරියක් වන Ms Fernando, Victoria ප්‍රාන්තයේ Croydon ආසනය සඳහා Greens පක්ෂයෙන් තරග කිරීමට ඉදිරිපත් වී තිබෙනවා.
වයස අවුරුදු දෙකේදී සිවිල් යුද්ධය හේතුවෙන් තම දෙමාපියන් සමඟ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඇය පවසන්නේ, “Melbourne සිය නිවස වුවත් ශ්‍රී ලාංකික උරුමය ගැන තමන්ට ගැඹුරු ගෞරවයක් ඇති බවයි.
අපරාධ නීතියේ නියුතු නීතිඥවරියක් වන ඇය, තම දියණියන් දෙදෙනා සහ සැමියා සමඟ Croydon ප්‍රදේශයේ ජීවත් වන අතර, එම ප්‍රදේශයේ “village feel” එක මෙන්ම ප්‍රජාවන් අතර බැඳීම තමන් ආදරයෙන් පිළිගන්නා බව සඳහන් කළා.
2021දී London සිට නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු දේශපාලන වෙනසක් සඳහා දායක වීමට අවශ්‍ය වූ නිසා Greens පක්ෂයට එක් වූ බවත් ඇය කියා සිටියා.
ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු ලෙස ආහාර මිල ඉහළ යාම, නිවාස මිල සහ childcare වියදම් ඇය හඳුන්වා දී තිබෙනවා.
තමන් සංක්‍රමණික කාන්තාවක්, මවක් සහ වර්ණවත් කාන්තාවක් ලෙස පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරමින් Croydon ජනතාව වෙනුවෙන් ශක්තිමත් හඬක් වීමට බලාපොරොත්තු වන බවත් Ms Fernando සඳහන් කළා.









