NSW හා වික්ටෝරියා පොලිස් දෙපාර්තමේන්තු එක්ව සතිය පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධ ජාල සහ outlaw motorcycle gangs වෙත දැඩි ප්‍රහාරයක් එල්ල වුණා.
Victoria Police VIPER Taskforce හා NSW Raptor Squad නායකත්වය යටතේ සිදු කළ මෙම මෙහෙයුම Albury–Wodonga සීමා ප්‍රදේශය පුරා නිවාස , වාහන සහ ව්‍යාපාර රැසක් පරීක්ෂා කරමින් ක්‍රියාත්මක වුණා.
මෙහෙයුමේදී 29 දෙනෙකු අත්අඩංගුවට ගත අතර , firearms, machetes, swords, knuckle dusters ඇතුළු ආයුධ සහ cocaine, methylamphetamine, cannabis, GHB, steroids මත්ද්‍රව්‍ය වර්ග රැසක් ද සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.
එමෙන්ම වාහන පරීක්ෂණවලදී නීතිවිරෝධී ලෙස ධාවනය කළ වාහන කිහිපයක්ම පොලිසිය විසින් අත්අඩංගුවට ගත බවටයි වාර්තාවන්නේ.
පොලිස් නිලධාරීන් පවසන්නේ, උපායමාර්ග යොදමින් අපරාධකරුවන්ට සඟවී සිටීමට නොහැකි බව මේ මෙහෙයුම පැහැදිලි කළ බවයි.
කෙසේවෙතත් සංවිධානාත්මක අපරාධ ජාලයන්ගේ මෙම අපරාධ මේවනවිටත් සාමාන්‍ය ජනතාවට ඉතා විශාල ගැටලුවක් වී ඇති අතර , මෙම සහයෝගිතා වැඩපිළිවෙළ මගින් බොහෝ අපරාධ වලක්වා ගැනීමට සහ අපරාධ කල්ලි කොටු කර ගැනීමට හැකියාව ලැබෙන බවයි බලධාරීන් සදහන් කළේ.









