වික්ටෝරියානු රජය අද නිකුත් කළ 2026/27 රාජ්‍ය අයවැය තුළ වසරකට වැඩි කාලයකට පසුව පළමු වරට operating surplus එකක් වාර්තා කර ඇති බව නිවේදනය කර තිබෙනවා.
රජය සඳහන් කරන්නේ මෙය disciplined අයවැයක් වන අතර, ජනතාවගේ ජීවන වියදම් අඩු කිරීම සඳහා මෙමගින් විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.
අයවැය යටතේ cost-of-living සහන සඳහා බිලියන 1කට අධික මුදලක් වෙන් කර ඇති අතර මෙයට නොමිලේ පොදු ප්‍රවාහන සේවා, වාහන ලියාපදිංචි ගාස්තු වට්ටම් සහ පවුල්වල දෛනික වියදම් අඩු කිරීම සඳහා විවිධ සහන ඇතුළත් වනවා.
කෙසේවෙතත්, අයවැය අතිරික්තයක් පෙන්වුවද රාජ්‍ය ණය තවමත් ඉහළ මට්ටමක පවතින අතර 2030 වන විට එය ඩොලර් බිලියන 199ක් දක්වා ඉහළ යා හැකි බව ඇස්තමේන්තු කර තිබෙනවා.
ඒ අනුව වසරකට ඩොලර් බිලියන 11ක් පමණ පොලී ගෙවීමට රජයට සිදුවීම ඉදිරි කාලයේදී ප්‍රධාන ආර්ථික අභියෝගයක් ලෙසටයි සැලකෙන්නේ.
කෙසේවෙතත් සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන සහ ආරක්ෂාව යන ප්‍රධාන සේවා ශක්තිමත් කිරීම සඳහාද අයවැය තුළ ව්‍යාපෘති රැසක් ඇතුළත් කර ඇති අතර මැතිවරණයට දින 200කට ආසන්න කාලයක් පමණ ඉතිරිව තිබෙන පසුබිමක ඉදිරිපත් වූ මෙම අයවැය, වික්ටෝරියානු දේශපාලන වේදිකාවේ වැදගත් තීරණාත්මක මොහොතක් ලෙසටයි විචාරකයින් සඳහන් කළේ.









