උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

sri lankan student

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලංකාවේ උපන් ජනගහනය 2024 ජූනි අවසන් වන විට 172,800 දක්වා ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) පවසනවා.

එය 2014 වසරේ වාර්තා වූ 115,060 සංඛ්‍යාවට සාපේක්ෂව 50.2%ක දැවැන්ත වර්ධනයක් ලෙසයි සැලකෙන්නේ.

Banner 01

මේ අනුව ශ්‍රී ලාංකිකයන් ඔස්ට්‍රේලියාවේ 10 වන විශාලතම සංක්‍රමණික ප්‍රජාව බවට පත්ව තිබෙනවා.

Advertisement

මෙම සංඛ්‍යාව ඔස්ට්‍රේලියාවේ විදේශ උපන් ජනගහනයෙන් 2%ක්ද, සමස්ත ජනගහනයෙන් 0.6%ක්ද නියෝජනය කරනු ලබන බවයි සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දැක්වෙනවා.

සංඛ්‍යාලේඛන අනුව, ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකාවේ උපන් පුද්ගලයින්ගේ මධ්‍ය වයස අවුරුදු 40.9ක් වන අතර, එය ඔස්ට්‍රේලියානු සාමාන්‍ය ජනගහනයට වඩා අවුරුදු 2.5කින් වැඩි වනවා.

Advertisement

එමෙන්ම, ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ පිරිමි ප්‍රතිශතය 51.8%ක් ලෙසත්, කාන්තා ප්‍රතිශතය 48.2%ක් ලෙසත් වාර්තා වී තිබෙනවා.

මේ අතර ස්ථිර වීසා ලබාගත් ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාවත් ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2024–25 කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ස්ථිර පදිංචිය සඳහා වීසා ලබාගත් සංඛ්‍යාව 9,444ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය 2021–22 කාලයේදී වාර්තා වූ 2,801 සංඛ්‍යාවට සාපේක්ෂව විශාල වර්ධනයක්.

විශේෂයෙන්ම Regional visa, State/Territory Nominated සහ Employer Sponsored කාණ්ඩවල වැඩි ඉල්ලුමක් පවතින බවද දත්ත පෙන්වාදෙනවා.

2024–25 කාලයේදී පමණක් Regional වීසා – 3,611ක්, State/Territory Nominated – 2,010ක්, Employer Sponsored – 1,984 සහ Partner වීසා – 1,080ක් යටතේ ශ්‍රී ලාංකිකයින්ට ස්ථිර පදිංචිය ලබාගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා.

විශේෂඥයින් පවසන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ උසස් අධ්‍යාපනය, වෘත්තීය නිපුණතා සහ සෞඛ්‍ය, IT, ඉංජිනේරු හා ප්‍රාදේශීය සේවා ක්ෂේත්‍රවල ඇති ඉල්ලුම මෙම වර්ධනයට ප්‍රධාන හේතුව බවයි.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට...

මෙල්බන් Campbellfield ප්‍රදේශයේ පැරණි Ford කර්මාන්තශාලාව ඩොලර් බිලියන 1.1ක දත්ත මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට යෝජනා වී තිබෙනවා. ගොඩනැගිලි හයකින් සමන්විත...

Queensland හි Biloela ප්‍රදේශයේ පවතින බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව අද නව වාර්තාවක් මගින් අවධානය යොමු කර තිබෙනවා. ජනගහනය 6,000කටත්...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 25ත් 34ත් අතර තරුණයන්ගේ නිවාස හිමිකාරීත්වය වසර 80කින් වාර්තා වූ පහළම මට්ටමට වැටී තිබෙනවා. Anglicare Australia නිකුත්...

ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මැද, Woolworths ආයතනය දෛනිකව භාවිත කරන ආහාර සහ ගෘහ භාණ්ඩ රැසක මිල අඩු කිරීමට පියවර...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ PR ලබාගත් ශ්‍රී ලාංකිකයින් වේගයෙන් ඉහළට

sri lankan student

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom