ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා භාවිතය ඉක්මනින් වර්ධනය වුවද, එය විශේෂයෙන් මානසික සෞඛ්‍ය තත්වයන් සඳහා සාර්ථක ප්‍රතිකාරයක් නොවිය හැකි බව නව පර්යේෂණයක් පෙන්වා දී තිබෙනවා.
සිඩ්නි විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ කාංසාව, මානසික අවපීඩනය සහ PTSD වැනි තත්ත්වයන්ට ඖෂධීය ගංජා ප්‍රයෝජනවත් බවට පැහැදිලි සාක්ෂි නොමැති බවයි.
එසේම, එය භාවිතා කිරීමෙන් රෝග ලක්ෂණ තවත් නරක වීමටත්, නිසි ප්‍රතිකාර ප්‍රමාද වීමටත් හැකි බව විශේෂඥයන් අනතුරු අඟවනවා.
කෙසේ වෙතත්, ඔටිසම් සහ නින්ද නොයාම වැනි තත්ත්ව කිහිපයකදී සීමිත ප්‍රයෝජන ඇතත්, ඒ සඳහාද ශක්තිමත් සාක්ෂි නොමැති බවටයි සඳහන් වන්නේ.
කෙසේවෙතත් පර්යේෂකයන් පවසන්නේ මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඖෂධීය ගංජා භාවිතය සඳහා තවදුරටත් දැඩි නියාමනයක් අවශ්‍ය බවයි.









