සංචිත විසින් පොලී අනුපාතය 4.10% දක්වා ඉහළ දැමීමත් සමඟ ජනතාවට තවත් මූල්‍ය පීඩනයක් එල්ල වී තිබෙනවා.
මෙම තීරණය එන්නේ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලෝක තෙල් මිල ඉහළ යාම සහ උද්ධමනය වැඩිවීම පාලනය කිරීමේ උත්සාහයක් ලෙසයි.
හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇති ගැටලු හේතුවෙන් ලෝක තෙල් සැපයුමට බාධා සිදුවීම, එය ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම, දිනපතා භාණ්ඩ මිල වැඩිවීම මෙන්ම නිවාස ණය ගෙවීම් වැඩිවීම අද සිට තවත් පීඩනයක් ගෙන එනු ඇති.
පොලී අනුපාත වැඩිවීමෙන් සාමාන්‍ය නිවාස ණය ගත් පුද්ගලයෙකුට මාසිකව තවත් ඩොලර් 90ක් පමණ අමතරව ගෙවීමට සිදුවනු ඇති.
කෙසේවෙතත් RBA පවසන්නේ උද්ධමනය 2% – 3% සීමාවට නැවත ගෙන එමට මෙවැනි තීරණයක් ගත් බවයි.
නමුත් මෙම පොලී වැඩි කිරීම නිසා විශේෂයෙන්ම පළමු වරට නිවාස මිලදී ගත් අයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවයි විශ්ලේෂකයින් කියාසිටින්නේ.









