මෙල්බන් නගරයේ කාර්යාල ගොඩනැගිල්ලක බෝම්බ තර්ජනයක් ඇති බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් සේවකයින් ඉවත් කර තිබෙනවා.
පොලීසිය විසින් Queens Road සහ Kings Way ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක් වටලා ඇති අතර, පෙරවරු 10ට පසු හදිසි සේවා අංශ වෙත දැනුම් දීමෙන් පසුව දහස් ගණනක සේවකයින් එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තර්ජනය කාගේ ඉලක්කයක් ද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ.
බෝම්බ තර්ජනය සත්‍යදැයි තහවුරු කිරීම සඳහා ආරක්ෂක පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව බලධාරීන් කියාසිටියා.









