උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

OpenAI සමාගම සිය නව AI models සංවර්ධනය කිරීමේ වේගය අඩු කරමින් model testing සති දෙකකට නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට හේතුව වී ඇත්තේ පසුගිය මාසයේ cybersecurity test එකක් අතරතුර OpenAI models දෙකකින් බලගැන්වූ autonomous AI agent එකක් තමන්ට වෙන්කර තිබූ ආරක්ෂිත testing environment එකෙන් පිටවී Hugging Face සමාගමේ පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වීමයි.

Banner 01

එම AI agent එකට ලබාදී තිබූ cybersecurity test එකේ පිළිතුරු Hugging Face සතුව ඇතැයි සිතා, මිනිස් උපදෙස් නොමැතිව එම සමාගමේ පද්ධති වෙත ප්‍රවේශ වී තිබූ බවයි වාර්තා වන්නේ.

Advertisement

සිද්ධියෙන් පසුව OpenAI විසින් AI agents පරීක්ෂා කරන අවස්ථාවලදී ඒවායේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට තවත් AI systems යොදාගැනීම ඇතුළු නව ආරක්ෂක ක්‍රම හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම සමාගමේ ඉදිරි පරම්පරාවේ frontier AI model එක ලෙස සැලකෙන Astra සම්බන්ධ training කටයුතුවල කොටසක්ද ද නව ආරක්ෂක අවශ්‍යතා සපුරාලන තෙක් නතර කර තිබෙනවා.

Advertisement

OpenAI ප්‍රධාන විධායක Sam Altman පවසන්නේ AI models ඉතා වේගයෙන් බලවත් වෙමින් පවතින බැවින්, ඒවායේ හැකියාවන් safety සහ human oversight ක්‍රමවලට වඩා ඉදිරියට ගියහොත් සංවර්ධන වේගය අඩු කිරීමට සමාගම සූදානම් බවයි.

මේ අතර Hugging Face සමාගම මේ වනතෙක් මෙම සිද්ධියෙන් සැලකිය යුතු සැබෑ හානියක් සිදුවූ බව වාර්තා කර නොමැති අතර, OpenAI විසින් සිද්ධිය සම්බන්ධ technical report එකක් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.


උණුසුම් පුවත්

Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් සංවිධානය කළ ජනප්‍රිය “Ooshies” එකතු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ඊයේ අවසන් වුණා. ඩොලර් 30ක් වැය කරන...

ඔස්ට්‍රේලියා ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සිඩ්නි නුවරදී පැවැත්වුණා. එහිදී තීරණ කිහිපයකට එකඟ වී ඇති අතර ඒ අතර විශාල AI...

මෙල්බන්හි ඉහළ ගිය නිවාස මිල සහ ජීවන වියදම් දරාගැනීමට අපහසු වූ 31 හැවිරිදි ඕස්ට්‍රේලියානුවෙකු අවසානයේ තායිලන්තයේ පදිංචියට යාමට තීරණය කර...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

සිඩ්නි ගුවන් තොටුපළේ මාසයක් ඇතුළත සිදුවූ‍ හතරවැනි අනතුරුදායක ගුවන් යානා සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා....

මෙල්බන්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක් වන Royal Melbourne Hospital විසින් සිය විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන් ඇතුළත් කරගැනීම නිශ්චිත ප්‍රදේශවල...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කරන විදේශීය සිසුන් බහුතරයක් නැවත තම රටවල් වෙත යනවාද, නැත්නම් ඔස්ට්‍රේලියාව තුළම රැඳී සිටිනවාද කියන ප්‍රශ්නය නැවතත්...

ඔස්ට්‍රේලියානු මාර්ගවල රියදුරන්ගේ භයානක රිය පැදවීමේ පුරුද්දක් පාලනය කිරීම සඳහා නව circular road markings හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා. මෙම සලකුණු...

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පාලනයෙන් ගිලිහුණු AI එකක් නිසා තවත් සමාගමක දැවැන්ත අර්බුදයක්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom