උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඉදිරි Spring Season එළඹීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ පාලන ප්‍රදේශ රැසක ලැව්ගිනි අවදානම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත ගිනි හා හදිසි සේවා කවුන්සිලය (AFAC) පෙන්වා දෙනවා.

El Niño කාලගුණික තත්ත්වය සක්‍රීය වීම සහ භූමිය මත වියළි ශාක සහ පඳුරු (Fuel loads) වැඩිවීම මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

Banner 01

AFAC නිකුත් කළ නවතම ඍතුමය වාර්තාවට අනුව, ACT හැර අනෙකුත් සියලුම ප්‍රාන්ත සහ පාලන ප්‍රදේශයන්හි ලැව්ගිනි ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා.

Advertisement

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණයත්, උතුරු සහ මධ්‍යම ප්‍රදේශවල අධික ලෙස වැවී ඇති ශාක ප්‍රමාණයත් මෙම අවදානම තවත් වැඩි කර තිබෙනවා.

Flinders Island ඇතුළු දකුණු වික්ටෝරියා, නැගෙනහිර ටස්මේනියාව, ගිනිකොනදිග ක්වීන්ස්ලන්ඩ්, ඊසානදිග නිව් සවුත් වේල්ස් සහ වයඹදිග දකුණු ඔස්ට්‍රේලියාව යන ප්‍රදේශයන්හි ඉදිරි මාසවලදී ලැව්ගිනි ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.

Advertisement

දේශගුණික විද්‍යාඥයින් සහ ගිනි ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවන්නේ, ප්‍රබල El Niño තත්ත්වයක් සමඟ Indian Ocean Dipole සක්‍රීය වීමෙන් ඔස්ට්‍රේලියාව පුරා අධික උෂ්ණත්වයක් සහ දැඩි වර්ෂාපතන අඩුවීමක් සිදුවිය හැකි බවයි.

උතුරු අර්ධගෝලයේ ඇමරිකාව, කැනඩාව සහ යුරෝපය පුරා ඇතිවූ විනාශකාරී ලැව්ගිනි තත්ත්වයන් දෙස බැලීමේදී, ඔස්ට්‍රේලියාව ද ඉදිරියේදී එවැනි දැවැන්ත ලැව්ගිනි අර්බුදයකට මුහුණදීමේ වැඩි ඉඩක් පවතින බැවින් බලධාරීන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ටස්මේනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය David Bowman පෙන්වා දෙන්නේ.

එබැවින් තම ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, ලැව්ගිනි ඍතුවට පෙර අවශ්‍ය පූර්ව සූදානම්වීම් සිදුකර ගන්නා ලෙසත් AFAC ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත...

ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් 2009 වසරේදී තැබූ මීටර් 100 ලෝක වාර්තාව බිඳ හෙළීමට චීනයේ නිෂ්පාදිත රොබෝවරයෙකු සමත්ව...

ඔස්ට්‍රේලියානු මාර්ගවල රියදුරන්ගේ භයානක රිය පැදවීමේ පුරුද්දක් පාලනය කිරීම සඳහා නව circular road markings හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා. මෙම සලකුණු...

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල...

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී මිල පසුගිය වසර කිහිපය තුළ දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වනවා. Sydney, Melbourne සහ...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

ඔස්ට්‍රේලියාවේ නිකොටින් පවුචස් තහනම් කිරීමෙන් පසු, ඒවා භාවිතා කළ හිටපු දුම්පානය කරන්නන් අතර කනස්සල්ලක් මතුවී තිබෙනවා. ඇතමුන් පවසන්නේ නිකොටින් පවුචස්...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

El Nino නිසා ඔස්ට්‍රේලියාව පුරා ලැව්ගිනි අවදානම ඉහළට

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom