උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Melbourne හි Wyndham City Council ප්‍රදේශයේ පුස්තකාල සේවාවන් වෙනස් කිරීමට ගෙන ඇති යෝජනාවක් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතුව තිබෙනවා.

Council එක විසින් “Open Libraries” ලෙස හඳුන්වන නව ක්‍රමයක් අත්හදා බැලීමට සූදානම් වන අතර, ඒ යටතේ පුස්තකාල කාර්ය මණ්ඩලය නොමැති වේලාවන්වලදී ජනතාවට පුස්තකාල භාවිත කිරීමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

Banner 01

මෙම ක්‍රමය මගින් පුස්තකාල විවෘතව තබන වේලාවන් වැඩි කළ හැකි බව Wyndham City Council පවසනවා. එය දැනට පවතින කාර්ය මණ්ඩලය සහිත පුස්තකාල සේවාවන්ට අමතර සේවාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට සලකා බලන බවත් Council එක සඳහන් කර තිබෙනවා.

Advertisement

කෙසේ වෙතත්, මෙම යෝජනාවට විරුද්ධව 5,000කට වැඩි පිරිසක් පෙත්සමකට අත්සන් කර තිබෙනවා. ඒ අතර Wyndham හි පුස්තකාල සේවකයන් 100කට වැඩි පිරිසක්ද සිටින බවයි වාර්තා වන්නේ.

විරෝධතාකරුවන් පවසන්නේ කාර්ය මණ්ඩලය නොමැති පුස්තකාල විවෘත වේලාවන්, ජනතාවට අවශ්‍ය සැබෑ පුස්තකාල සේවාවන් ලබාදීමට ප්‍රමාණවත් නොවන බවයි.

Advertisement

පෙත්සම් සංවිධායක Emily Brown පවසන්නේ ජනතාවට අවශ්‍ය වන්නේ පුස්තකාල සේවකයන් සමඟ වැඩි විවෘත වේලාවන් මිස, සේවකයන් නොමැති ගොඩනැගිලි විවෘත කිරීමක් නොවන බවයි.

Wyndham පුස්තකාල සේවකයන් පවසන්නේ ඔවුන්ගේ රැකියාව පොත් රාක්කවලට පොත් තැබීම හෝ පොත් ලබාදීම පමණක් නොවන බවයි. විශේෂයෙන් නිවාස නොමැති පුද්ගලයන්ට සහ සමාජයේ අවදානමට ලක්ව සිටින ජනතාවට සහාය වීම, online forms පිරවීම, රජයේ සේවාවන් භාවිත කිරීම සහ තාක්ෂණික ගැටලු විසඳා ගැනීමට උපකාර කිරීමද ඔවුන්ගේ දෛනික කාර්යයන් අතරට ඇතුළත් බව ඔවුන් පෙන්වා දෙනවා.

එම නිසා, තාක්ෂණය භාවිත කර වියදම් අඩු කිරීමේ ප්‍රවණතාවය හමුවේ තම රැකියා අනාගතය පිළිබඳ දැඩි කනස්සල්ලක් ඇති බව Wyndham හි පුස්තකාල සේවකයන් පවසනවා.


උණුසුම් පුවත්

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක්...

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මැද, Woolworths ආයතනය දෛනිකව භාවිත කරන ආහාර සහ ගෘහ භාණ්ඩ රැසක මිල අඩු කිරීමට පියවර...

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් විපක්ෂ සන්ධානය විසින් අධිකරණ පද්ධතියේ විශේෂ වෙනසක් සිදුකිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව, දැනට...

ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් පුස්තකාල සේවකයන් පොත් කියවීමට විරුද්ධ වෙයි

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom