ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් ජනතාව ආහාර සම්බන්ධයෙන් ගන්නා තීරණයක් පිළිබඳ නව අවධානයක් යොමුව තිබෙනවා.
නව සමීක්ෂණයකට අනුව, ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් කල් ඉකුත් වූ ආහාර අනුභව කර ඇති බව හෙළිව තිබෙනවා. එයට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වන්නේ ආහාර සහ grocery මිල ගණන් ඉහළ යාමයි.
වියදම් අඩු කර ගැනීම සඳහා ඇතැම් පාරිභෝගිකයන් ආහාර ඉවත දැමීම වෙනුවට, ඒවායේ expiry date ඉක්මවා තිබුණත් භාවිත කිරීමට පෙළඹී ඇති බව සමීක්ෂණයෙන් පෙන්වා දෙනවා.
විශේෂයෙන් පවුල්වල දෛනික වියදම් පාලනය කිරීම අපහසු වීමත් සමඟ ආහාර නාස්තිය අඩු කිරීමට ජනතාව විවිධ ක්‍රම අනුගමනය කරන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, “best before” සහ “use by” දිනයන් අතර වෙනස හඳුනා ගැනීම වැදගත් බව ආහාර ආරක්ෂණ විශේෂඥයන් පෙන්වා දෙනවා. “Use by” දිනය ඉක්මවූ ඇතැම් ආහාර සෞඛ්‍යයට අවදානමක් විය හැකි බැවින් ඒවා පරිභෝජනය නොකිරීම වැදගත්.
මේ අතර, ජීවන වියදම් අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියානුවන්ගේ ආහාර මිලදී ගැනීමේ පුරුදුද වෙනස් වෙමින් පවතින බව මෙම නව තොරතුරු මගින් පැහැදිලි වෙනවා.









