ඔස්ට්‍රේලියාවේ මධ්‍ය වයසේ කාන්තාවන් අතර අවදානම් මත්පැන් භාවිතය සැලකිය යුතු ලෙස වැඩිවී ඇති බව වාර්තා වනවා.
ජාතික සමීක්ෂණ දත්ත පෙන්වාදෙන්නේ වයස අවුරුදු 45ත් 60ත් අතර කාන්තාවන්ගේ අවදානම් මත්පැන් භාවිතය 2001 සිට 2019 දක්වා කාලයේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
විශේෂඥයන් පවසන්නේ (menopause) ආර්තවහරණයට පෙර ඇතිවන ශාරීරික සහ මානසික වෙනස්කම් නිසා ඇතිවන ආතතිය හා කනස්සල්ල අඩු කරගැනීමට සමහර කාන්තාවන් මත්පැන් භාවිතයට යොමුවන බවයි.
නමුත් මත්පැන් භාවිතය නින්දේ ගැටලු ඇතුළු එම ලක්ෂණ තවත් බරපතළ කළ හැකි බවත් ඔවුන් අනතුරු අඟවනවා.
මත්ද්‍රව්‍ය හා මත්පැන් ඇබ්බැහිවීම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය Chris Davis පවසන්නේ තමන් වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන බොහෝ රෝගීන් වයස අවුරුදු 30 අග සිට 50 මුල් කාලය දක්වා වන කාන්තාවන් බවයි.
ඔහු පවසන්නේ සෞඛ්‍ය සේවා පද්ධතිය තවමත් අවදානම් මත්පැන් භාවිතය වැඩිපුර පිරිමින් අතර සොයන නිසා බොහෝ කාන්තාවන් හඳුනා නොගෙන මග හැරෙන බවයි.
එක් මත්පැන් පානයක්වත් අඩු කිරීමෙන් සමස්ත සෞඛ්‍යයට වාසියක් ලැබිය හැකි බව විශේෂඥයන් අවධාරණය කරනවා









