ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව ආනයන බදුවලින් (Tariffs) ඔස්ට්‍රේලියාව නිදහස් කරන ලෙස අගමැති ඇන්තනි ඇල්බනීසි, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සෘජුවම ඉල්ලීමක් කර තිබෙනවා.
නායකයින් දෙදෙනා අතර විනාඩි 40කට ආසන්න කාලයක් පැවැති දුරකථන සංවාදයේදී, ඔස්ට්‍රේලියාවට පනවා ඇති 12.5%ක බදු ප්‍රතිශතය පිළිබඳව අගමැති ඇල්බනීසි දැඩි ලෙස කරුණු දක්වා සිටියා.
පසුගිය වසර 20 පුරා ඔස්ට්‍රේලියාව සමඟ පැවැති වෙළඳාමෙන් ඇමරිකාව ඩොලර් බිලියන 442කට අධික අතිරික්තයක් ලබා ඇති බවත්, ඔස්ට්‍රේලියානු ආයෝජන විශාල වශයෙන් ඇමරිකාව තුළ පවතින බවත් ඔහු මතක් කරදී තිබෙනවා.
මෙම බදුවලින් සම්පූර්ණ නිදහසක් ලබාදෙන ලෙස තමා ඉල්ලා සිට අතර එම ඉල්ලීම කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වූ බව ද ඇල්බනීසි වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර මෙම සංවාදයේදී දෙරටේ වෙළඳ සබඳතාවලට අමතරව AUKUS න්‍යෂ්ටික සබ්මැරීන් ව්‍යාපෘතියේ ප්‍රගතිය ද සාකච්ඡා කෙරුණා.
පවතින ඉරාන යුද තත්ත්වය සහ පැසිෆික් කලාපයේ චීනය සිදුකළ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් පිළිබඳව ද නායකයින් දෙදෙනා අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙනවා.









