ඔස්ට්‍රේලියාවේ Oallen ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී හමුවූ සූට්කේසයක කාන්තා මළ සිරුරක් ඇතැයි සිතා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
කෙසේ වෙතත්, පසුව සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලදී එහි තිබුණේ සැබෑ මිනිස් සිරුරක් නොව, කාන්තාවකගේ ස්වරූපයට ඉතා සමාන බෝනික්කෙකු බව තහවුරු වී තිබෙනවා.
බෝනික්කා ඇඳුම් ඇඳ සිටි අතර, හිසකෙස් සහ නහය විද තිබීම වැනි කරුණු නිසා එය සැබෑ පුද්ගලයෙකු ලෙස පෙනී තිබූ බව පොලීසිය සඳහන් කළා.
සිඩ්නි නගරයට නිරිත දෙසින් කිලෝමීටර් 230ක් පමණ දුරින් පිහිටි Oallen ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම සූට්කේසය සොයාගෙන පොලීසියට දැනුම් දී තිබුණා.
ඒ අනුව පොලීසිය මුලින් ඝාතන විමර්ශනයක් ආරම්භ කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය කණ්ඩායම්ද එම ස්ථානයට කැඳවා තිබෙනවා.
කෙසේ වෙතත්, සිදුකළ පරීක්ෂණවලින් එහි මිනිස් සිරුරක් නොමැති බව තහවුරු වීමත් සමඟ පොලීසිය එම විමර්ශනය අවසන් කර තිබෙනවා.
මේ අතර, සූට්කේසය සොයාගත් පුද්ගලයන් දෙදෙනා එය පොලීසියට දැනුම් දීම නිවැරදි තීරණයක් බව බලධාරීන් සඳහන් කළා.









